
ගෝලීය අධ්‍යාපන වෙළදපල හා අනෙකුත් රාජ්‍යයන් හා සංසන්දනය කිරීමේදී student visa සදහා දැඩි තරගකාරීත්වයක් ඔස්ට්‍රේලියාව තුළ නිර්මාණය වී තිබෙනවා.
ඇමරිකාව, කැනඩාව සහ බ්‍රිතාන්‍ය වැනි රටවල් හා සැසදීමේදී ඔස්ට්‍රේලියාවේ student visa අයදුම් ගාස්තු ඉහළ යෑම ජාත්‍යන්තර සිසුන්ට දැඩි බලපෑමක් වී ඇති බවයි සඳහන් වන්නේ.
ඇමරිකා එක්සත් ජනපදයේ student visa ගාස්තු ආසන්න වශයෙන් ඇමරිකා ඩොලර් 185ක්, කැනඩාවේ student visa ගාස්තු කැනඩා ඩොලර් 150ක්, එක්සත් රාජධානිය සඳහා පවුම් 490ක් සහ නවසීලන්තයේ student visa සඳහා නවසිලන්ත ඩොලර් 375ක් වශයෙන් අය කෙරෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඩොලර් 710ක්ව පැවති ශිෂ්‍ය වීසා ගාස්තුව ෆෙඩරල් රජය විසින් පසුගිය පළමු වනදා සිට ඩොලර් 1,600ක් දක්වා ඉහළ නංවනු ලැබුවා.
මෙම ගාස්තු වැඩිවීම බ්‍රිතාන්‍ය, කැනඩාව සහ ඇමරිකාව වැනි තරඟකාරී රටවලට වඩා බෙහෙවින් මිල අධික බවටයි චෝදනා එල්ලවන්නේ.

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සඳහා අයැදුම්පත් ගාස්තුව දෙගුණයකටත් වඩා වැඩි කිරීමත් සමග student visa අයදුම්පත් රැසක් ද ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil ප්‍රකාශ කළේ වැඩි කරන ලද ගාස්තු ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය සාධාරණ සහ කුඩා පද්ධතියක් බවට පත් වනු ඇති බවයි.
වැඩ කරන ලද ගාස්තු විශ්ව විද්‍යාල සඳහා අරමුදල් ලෙස ලබා දීමට ද නියමිත බවයි Clare O’Neil ප්‍රකාශ කළේ.
මෙම පියවර විශ්ව විද්‍යාලවල ද දැඩි අප්‍රසාදයට ලක්ව ඇති අතර සිඩ්නි සහ මෙල්බන් විශ්ව විද්‍යාලවල පර්යේෂණ නියෝජිත කණ්ඩායම් සඳහන් කළේ මෙම ගාස්තු ඉහළ නැංවීම අධ්‍යාපන පද්ධතියට එල්ල කළ පහරක් බවයි.