Search

තවත් Boeing ගුවන් යානයක් ගුවනේදී කැළඹෙයි – විශාල පිරිසකට තුවාල

මැඩ්රිඩ් සිට උරුගුවේ බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් දැඩි වායු කැළඹීමකට හසුවීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ස්පාඤ්ඤ ගුවන් සේවයක් වන එයාර් යුරෝපා (Air Europa) සමාගමට අයත් Boeing 787 වර්ගයේ යානය මෙම අනතුරත් සමග බ්‍රසීලයට හදිසි ගොඩබෑමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් යානය සාමාන්‍ය ආකාරයෙන් ගොඩ බැස්වීමට නියමුවන් සමත්වී ඇති අතර කැළඹීමට හසුවූ අවස්ථාවේ විවිධ ආකාරයේ තුවාල ලැබුවන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

අනතුරට ලක්වන විට ගුවන් යානයේ මගින් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 339 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.

යානය වායු කැළඹීමට හසුවන අවස්ථාවේ තුවාල ලැබූ මගීන් 30 දෙනාගෙන් වැඩි පිරිසක් ආසන පටි පැළඳ නොසිටි අය බවටයි අනාවරණ වී ඇත්තේ.

ස්පාඤ්ඤ ගුවන් සේවය පැවසුවේ මැඩ්රිඩ් සිට තවත් ගුවන් යානයක් පිටත්ව ගොස් බ්‍රසීලයේ අතරමංව සිටින මගීන් රැගෙන උරුගුවේ බලා යාමට නියමිත බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »