Search

මෙල්බන්වල ඇතැම් සංඥා පුවරු නිසා ව්‍යාකූල තත්වයක්

මෙල්බන් නගරයේ ඇතැම් මාර්ග සංඥා පුවරු හේතුවෙන් රියදුරන් මෙන්ම පදිකයින් ද ව්‍යාකූල තත්වයට පත්වන බවට ජනතාව චෝදනා කරනවා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වෙන් කර ඇති බව කියන රථගාල් වෙනුවෙන් යොදා ඇති සංකේත මගින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව මෝටර් රථ හිමියන් අතර ව්‍යාකූලත්වයක් මතුවී ඇති බවයි සඳහන් වන්නේ.

ඇතැම් ස්ථානවල ගෝලීය වශයෙන් පිළිගත් පිරිමි සහ ගැහැණු සංකේතවලින් සලකුණු කර තිබුණ ද කිසිදු ආකාරයකින් එය වැඩිහිටි පුරවැසියන්ට පමණක් වෙන් කර ඇති බවට අදහස් නොකෙරෙන බවටස් චෝදනා මතු වනවා.

මේ හේතුවෙන් රියදුරන් යෝජනා කරන්නේ එවැනි ස්ථානවලට සැරයටියක් වැනි සංකේතයක් යෙදීම නැතහොත් වඩාත් සරලව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෙන් කර ඇති බවට ලිවීමට හැකි බවයි.

එක් පුද්ගලයෙකුට වඩා වැඩි පිරිසක් ගමන් ගන්නා වාහන සඳහා නැවැත්වීමේ ස්ථානයක් ලෙස නම් කර ඇති සංඥා පුවරු හේතුවෙන් රියදුරන් සියලු දෙනාම එහි වාහන නතර කිරීමට උත්සාහ කිරීමේ සිදුවීම් ද මෙල්බන් අවට රථගාල්වලින් වාර්තා වනවා.

එක් පුද්ගලයෙකුට වැඩියෙන් ගමන් ගන්නා වාහන ලෙස සඳහන් කිරීමේ දී ඇතැම් යතුරුපැදිකරුවන් ද එම ස්ථානවල ගාල් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ඇතැම් ඇවිදින මන්තීරුවල සැරයටියක් සහිත පුද්ගලයකුගේ ලාංඡකයක් පැවතිය ද සියලුම වැඩිහිටි පුද්ගලයින් සැරයටි භාවිත නොකිරිම හේතුවෙන් එම සංඥා ඉවත් කර තිබීම ද ගැටළුවක් වී තිබෙනවා.

මෙලෙස විවිධ ආයතන විසින් සංඥා වෙනස් කර යෙදීම හේතුවෙන් රියදුරන් මෙන්ම පදිකයින් ද දැඩි අපහසුතාවකට පත්වන අතර එලෙස වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳ පූර්ව දැනුම්දීමක් හෝ කළ යුතු බවයි රියදුරන් සඳහන් කර ඇත්තේ.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »