NSW රෝහල්වල ආරක්ෂාවට අලුත් ඇසක්

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් රෝහල් තුළදී සිදුවන පහරදීම් ඉහළ යාම හේතුවෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ රෝහල්වල ආරක්ෂක සාමාජිකයන්ගේ නිල ඇඳුමට කැමරා සවි කිරීමට පියවර ගෙන තිබෙනවා.

රෝහල් ආරක්ෂක කාර්ය මණ්ඩලයෙන් ලැබෙන ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් නිල ඇඳුමේ පැළඳ සිටින කැමරා ක්‍රමවේදය මාස 12ක කාලයක් අත්හදා බැලීමට නියමිතයි.

රෝහල් තුල සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැලැක්වීමට තාක්‍ෂණය කෙතරම් ඵලදායිද යන්න තීරණය කිරීම මෙහි අරමුණක් බවයි බලධාරීන් සඳහන් කළේ.

රජයේ රෝහල් කාර්ය මණ්ඩලයට එරෙහිව පසුගිය සමයේ වාර්තා වූ පහරදීම් ගණනාවකට පසුව හඳුන්වා දෙන මෙම නව ආරක්ෂක ක්‍රමවේදය නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ රෝහල් නවයක ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම රෝහල් නවයේ ආරක්ෂක නිලධාරීන් 300ක් වෙත කැමරා ලබාදෙන අතර ඒවා ආරක්ෂක කාර්ය මණ්ඩලයේ රාජකාරී සඳහා ඵලදායී උපකරණයක් ද යන්න පරීක්ෂා කිරීම මෙන්ම අධිකරණයේ සාක්ෂි ලෙස භාවිතා කළ හැකි දර්ශන ලබා ගැනීමට ද උපකාරී වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »