Search

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නොමැතිව වසරකට ඩොලර් 60,000ක් සොයන හැටි

කිසිදු රැකියාවක නිරත වීමෙන් තොරව නිවසේ සිට වසරකට ඩොලර් 60,000කට වැඩි මුදලක් උපයා ගැනීමට ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට හැකියාව ලැබී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

නිවාස මිල ඩොලර් 793,883 දක්වා සියයට 8කින් ඉහළ යාමත් සමඟ පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඇතැම් දේපළ හිමිකරුවන් වාර්ෂිකව සාමාන්‍යයෙන් ඩොලර් 59,000ක් පමණ අදායමක් ලබා ගෙන ඇති බවයි නව CoreLogic දත්ත පෙන්වා දෙන්නේ.

සංචිත බැංකුව 2022-2023 මුල්‍ය වර්ෂයේ පොලී අනුපාත ඉහළ නංවන අවස්ථාවේ දේපළ හිමියන්ගේ මෙම අදායම්වල සියයට 2ක පහත වැටීමක් පෙන්නුම් කර තිබුණා.

එහෙත් CoreLogic හි පර්යේෂණ අධ්‍යක්ෂ ටිම් ලෝව්ලස් (Tim Lawless) පෙන්වා දෙන්නේ වසර 12ක කාලයක් තුළ ඉහළම පොලී අනුපාතය වන සියයට 4.35ක අගයක් පැවතිය ද නිවාස හිඟය හේතුවෙන් පවතින නිවාස මිල ඉහළ යාමට ඉඩ ඇති බවයි.

සැපයුම සහ ඉල්ලුම සමාන අගයක් වන තෙක් නිවාස මිල ගණන්වල තවදුරටත් ඉහළ අගයන් වාර්තා වීමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නිවාස හිඟය අඛණ්ඩව පවතින බැවින් මෙම මූල්‍ය වර්ෂයේ නිවාස මිල සියයට 5කින් පමණ ඉහළ යනු ඇතැයි ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම තත්ත්වය මත දේපළ හිමියන්ට රැකියාවක නිරත වීමෙන් තොරව තම දේපළ කුලියට ලබාදීම මගින් නිවසේ සිට ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »