ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 05කින් කොදෙව් කණ්ඩායම පරාජය කරයි!

ඊයේ (6/3) දිනයේ ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් පිල කඩුලු 5 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, Road Safety World Series T20 තරගාවලිය ආරම්භ කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායක බ්‍රයන් ලාරා පන්දු 49 කදී නොදැවී ලකුණු 53ක් රැස් කළා. ස්මිත් 47, ටිනෝ බෙස්ට් නොදැවී ලකුණු 18ක් රැස් කළා.

ලකුණු 158ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය ජයග්‍රාහි ඉලක්කය පන්දු ඕවර 19ක් තුලදී පසුකර යාමට සමත් වුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් උපුල් තරංග පන්දු 35ක් තුලදී නොදැවී ලකුණු 53ක් රැස් කළා. නායක තිලකරත්න දිල්ෂාන් ලකුණු 47ක් රැස් කළ අතර චාමර සිල්වා පන්දු 15ක් තුලදී ලකුණු 22ක් රැස් කර ගනු ලැබුවා.

තරගයේ වීරයා ලෙස උපුල් තරංග සම්මාන දිනා ගනු ලැබුවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »