මතීෂ පතිරණට ඉන්දියාවෙන් රන් සම්මානයක්

ඉන්දියාවේ Behindwoods Gold Icon සම්මාන උළෙලේදී 2024 වසරේ වඩාත් ජනප්‍රිය ක්‍රීඩා තරුවට හිමි රන් සම්මානය ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට හිමිව තිබෙනවා.

ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය සම්මාන වැඩසටහනක් වන මෙම උළෙලේදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම කොදෙව් ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ වැනි විදෙස් ක්‍රිකට් තරුද මීට පෙර ජනප්‍රිය ක්‍රීඩා තරුවට හිමි සම්මානය ජයග්‍රහණය කර ඇති බව සඳහන්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින මතීෂ, මෙම වසරේදී මෙන්ම පසුගිය 2023 වසරේ පැවැති IPL තරගාවලියේදී සමස්ත ඉන්දියාවේම ආකර්ෂණීය ක්‍රීඩකයෙකු බවට පත්වුණා.

Behindwoods Gold Icon සම්මාන උළෙල දකුණු ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය සම්මාන උළෙලක් වන අතර එහිදී සිනමාව, ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සම්මාන ප්‍රධානය කරනු ලබනවා.

ඉන්දීය තෙලිඟු සිනමාවේ ජනප්‍රිය තරු දෙපළක් වන රෂ්මිකා මන්දනා හා විජේ දේවරකොන්ඩා රංගනයෙන් දායක වූ ගීතා ගෝවින්දම් සිනමා පටයේ ආකර්ෂණිය කොටසක් රංගනයෙන් වේදිකා ගතකළ අවස්තාව සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ මිලියන ගණනින් ජනප්‍රිය වූයේද මෙම Behindwoods වේදිකාව හරහායි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »