මෙල්බන් සිට ඉන්දියාවේ නවදිල්ල්ලි නුවර බලා පියාසර කිරීමට තිබූ ක්වන්ටාස් ගුවන් යානයක් ගුවන් ගමන ආරම්භ කිරීමට පෙර එහි සිටි විදේශ සිසුවියක් මියයාමේ සිදුවීමක් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරිමට පැමිණ සිටින ඉන්දීය සම්භවයක් සහිත තරුණියක්.
24 හැවිදිරි ඇය ඔස්ට්‍රේලියාවට පැමිණ වසර හතරකට පසු පළමු වතාවට තම පවුලේ අය බැහැදැකීම සදහා ඉන්දියාවට යෑමට සූදානම්ව සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව සඳහන්.
මෙම තරුණිය ගුවන් යානයට ඇතුල්වී නියමිත ආසනයට ගොස් ආසන පටි තදකරනවාත් සමග ඇතිවූ අපහසුතාවක් සමග මියගොස් තිබෙනවා.
සූපවේදිනියක් වීමේ අරමුණ සහිතව ඇය ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතුවල නිරතවූ අයෙක් බවයි වාර්තා වන්නේ.
මියගිය ඉන්දීය ජාතික සිසුවියගේ යෙහෙළියක් ප්‍රකාශ කර ඇත්තේ ගුවන් ගමනට පෙර තම මිතුරියට අසනීප තත්වයක් පැවතිය ද ඇය එය ගැන නොසිතා ගුවන් ගමනට සූදානම් වූ බවයි.
මෙම සිදුවීම පසුගිය ජුනි 20 වනදා සිදුව ඇති අතර ඇයට ගුවන් යානය තුළ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දදෙනු ලැබුව ද ජීවිතය බේරා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.