වික්ටෝරියා ප්‍රාන්තයේ පැතිර යන කුරුළු උණ වසංගත තත්වය හමුවේ Melbourne Royal Show විසින් වාර්ෂිකව පවත්වනු ලබන කුකුළු සංදර්ශනය අවලංගු කර තිබෙනවා.
මෙල්බර්න් සංදර්ශන සංවිධායකයින් පැවසුවේ බලධාරීන්ගේ උපදෙස් මත තරඟය කල් දැමීමට අකමැත්තෙන් වුව ද තීරණයක් ගැනීමට සිදු වූ බවයි.
තරගය ලබන සැප්තැම්බර් මස 26 වනදා සිට දින 11ක් පුරා පැවැත්වීමට නියමිතව තිබුණා.
නිවේදනයක් නිකුත් කරමින් ප්‍රදර්ශනයේ සංවිධායකයින් කියා සිටියේ කුකුළු කර්මාන්තයේ මෙන්ම ප්‍රදර්ශකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම සඳහා වික්ටෝරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම මත මෙම තීරණය ගත් බවයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළ අටකින් කුරුළු උණ වෛරසය හඳුනාගෙන ඇති අතර එය පැතිර යාම වැළක්වීම වෙනුවෙන් පක්ෂීන් මිලියනයකට වඩා මරා දැමීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
නිව් සවුත් වේල්ස් සහ කැන්බරා ප්‍රදේශවලින් ද කුරුළු උණ වෛරසයේ විකෘති වූ ප්‍රබේධ හඳුනාගෙන ඇති බව සඳහන්.
පසුගිය වසරේ, Melbourne Royal Show පැවති කාලය පුරා තරඟය සඳහා කුකුළන්, තාරාවන් සහ කළුකුමන් 1,200කට වැඩි සතුන් සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණා.
මෙම තරඟය කුකුළන් මෙන්ම තාරාවන් අභිජනනය කරන්නන්ට තම සතුන් ප්‍රදර්ශනයට ලැබෙන වටිනා අවස්ථාවක් ලෙසටයි සැලකෙන්නේ.