ඩොලර් මිලියන 12ක තහනම් ද්‍රව්‍ය හමුවූ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙහෙයුම

වික්ටෝරියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී දුම්කොළ ටොන් හතක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ සහ මෙල්බර්න් අවට ප්‍රදේශවල මාසයක් පුරා සිදුකළ මෙහෙයුම්වලදී ඩොලර් මිලියන 12කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී දුම්කොළ තොගයක් මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ද මෙම ජාවාරමට සම්බන්ධ බව පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

එහිදී Taskforce Lunar මෙහෙයුමේ නිලධාරීන් අක්කර හතක නීතිවිරෝධී දුම්කොළ වගාවක් සොයාගෙන ඇති අතර ඒවා නීත්‍යානුකූලව අලෙවි කළහොත් ඩොලර් මිලියන 9 කට ආසන්න සුරාබදු වටිනාකමක් ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ.

එම වගාව අයත් කිසිවෙකු හඳුනාගෙන නොමැති අතර එහි දුම්කොළ ආරක්ෂක අංශය විසින් එක්රැස් කරගෙන තිබෙනවා.

එහිදී ඩොලර් මිලියන 3.5 කට වැඩි වටිනාකමකින් යුත් දුම්කොළ නිෂ්පාදන ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් සමඟ දුම්කොළ වියලීමට භාවිතා කළ බවට සැක කෙරෙන විශාල උඳුන් දෙකක් ද සොයාගෙන ඇතැයි සඳහන්.

එම ඉඩමේ ගබඩාවක අවිධිමත් ලෙස ගබඩා කර තිබූ බව කියන ගිනි අවි 5ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිද්ධියට අදාළව 73 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා එල්ලවී තිබෙනවා.

වික්ටෝරියා පොලිසියේ පොලිස් පරීක්ෂක මාර්ක් හැට් පැවසුවේ මෙවැනි සංවිධානාත්මක අපරාධ මර්දනයට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සියල්ල එක්වී කටයුතු කරන බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »