Search

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවලට අදාළ පළමු අදියරේ වෙනස්කම් බලාත්මක කර තිබෙනවා.

ඒ අනුව ඊයේ සිට නිකොටින් අඩංගු ඉලෙක්ට්‍රොනික දුම්වැටි නීත්‍යානුකූලව ෆාමසි මගින් අලෙවි කළ හැක්කේ වෛද්‍යවරයාගේ නිර්දේශ සහිත ඖෂධ වට්ටෝරුවක් සහිත පුද්ගලයින්ට පමණයි.

ඔස්ට්‍රේලියාවේ නීති අනුව මෙතෙක් කලක් දුම්පානය නතර කිරීමට අවශ්‍යතාවක් ඇති පුද්ගලයින්ට ඖෂධ අලෙවිසල් මගින් ඉලෙක්ට්‍රොනික දුම්වැටි ලබා ගැනීමට හැකියාව පැවතුණා.

කෙසේ නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය නව පනත් කෙටුම්පත් සංශෝධනයන් සමග ඊ දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීති ඔක්කෝබර් පළමුවනදා සිට යළි ළිහිල් කිරීමට සිදුවනු ඇති.

ඒ අනුව ඊයේ සිට ක්‍රියාත්මක කෙරෙන, වෛද්‍ය නිර්දේශ මත පමණක් ඉලෙක්ට්‍රොනික දුම්වැටි මිලදී ගැනීමට ඇති හැකියාව අහෝසි වී වෛද්‍ය නිර්දේශ රහිතව අවුරුදු 18ට වැඩි ඕනෑම අයෙකුට ඒවා මිලදී ගැනීමේ හැකියාව හිමි වනවා.

එලෙස මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ෆාමසිවල සිටින ඖෂධවේදීන් විසින් එම දුම්වැටිවල පවතින අහිතකර තත්වයන් පිළිබඳ කෙරෙන දැනුවත් කිරීමකින් පසුව සහ වයස සම්බන්ධ තහවුරු කිරීමකින් ද පසුවයි.

ඒ අනුව ඉදිරියේදී ෆාමසිවලින් පමණක් නිකොටින් සහිත ඉලෙක්ට්‍රොනික දුම්වැටි මිලදී ගැනීමේ හැකියාව පවතින අතර එම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් දුම්වැටි පැකට්ටුවක් මිලදී ගැනීම හා සමාන වනු ඇති.

මෙම පියවර සම්බන්ධයෙන් ඖෂධවේදින් අතර පැහැදීමක් නොමැති අතර එය ව්‍යසනකාරී විය හැකි බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »