Search

විදේශිකයින්ට ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර කරන්න නව වීසා අවස්ථාවක්

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) රටවල සහ ටිමෝරයේ ලෙස්ටේහි (Timor-Leste) පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර කිරීමට වැඩි අවස්ථාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

රජය විසින් මෙම රටවල පුද්ගලයින්ට ව්‍යාපාරික කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි කාලය දීර්ඝ කර ඇති බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Melbourne Declaration යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් ඔස්ට්‍රේලියාවේ වෙළඳාම් කටයුතු, පුද්ගලයින් අතර සම්බන්ධතා, ආයෝජන මෙන්ම රැකියා අවස්ථා වැඩි කරනු ඇති බව රජය විශ්වාසය පළ කරනවා.

නව සැලසුම් අනුව පසුගිය අප්‍රේල් මස පළමු වනදායින් පසු ඉදිරිපත් කරන ලද ව්‍යාපාරිකයන්ගේ වීසා අයදුම්පත් සඳහා පෙර පැවති වසර 3ක කාලය වසර 5ක් දක්වා දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙම වෙනස්කම් සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ පැවති 2024 ASEAN-Australia සමුළුවේදී අගමැති ඇන්තනි ඇල්බනිස් විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මේ අනුව (subclass 600) වීසා සහිත ව්‍යාපාරිකයන්ට ලොව පුරා සිදු කරනු ලබන විවිධ සංචාර අතරතුර වරකට මාස 3ක් බැගින් වසර 5ක කාලයක් දක්වා ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ අවස්ථාව හිමි වනවා.

එම වීසා බලපත්‍රලාභීන්ට වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, සාමාන්‍ය ව්‍යාපාර හෝ රැකියා විමසීම් සිදු කිරීම, සම්මන්ත්‍රණවලට හෝ වෙළෙඳ ප්‍රදර්ශනවලට සහභාගි වීම වැනි විශේෂ අවස්ථා හිමි වනු ඇති.

මෙම වීසා වෙනස් කිරීම් අග්නිදිග ආසියාව සමඟ පවතින සබඳතා වර්ධනය කර ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති සැලසුම්වල එක් අදියරක් ලෙසට සැලකෙනවා.

ජාත්‍යන්තර හුවමාරු අවස්ථා ඉහළ නැංවීම, කලාපීය සබඳතා සඳහා සහාය වීම, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සහ ඕස්ට්‍රේලියාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම ද මෙහි අරමුණක් බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »