Search

ඔස්ට්‍රේලියාවේ සේවකයන් පිරිසකට දුරකථනයෙන් ඡායාරූප ගැනීම තහනම් වෙයි

ළමාරක්ෂක සේවකයින්ට තමන්ගේම දුරකථනවලින් දරුවන්ගේ ඡායාරූප ගැනීම නව මාර්ගෝපදේශ යටතේ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ සිට ක්‍රියාත්මක වන මෙම නව මාර්ගෝපදේශ යටතේ ඇතැම් ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සේවකයින්ට ඔවුන්ගේ දුරකථනයෙන් දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ ගැනීමට තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ.

නව ජාතික මාර්ගෝපදේශ යටතේ, ළමුන්ගේ දර්ශන ලබා ගැනීමට භාවිත කළ හැක්කේ මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණ සේවා මගින් නිකුත් කරන ලද උපකරණ පමණයි.

මුල් ළමාවිය අධ්‍යාපන අමාත්‍ය ඈන් අලී ප්‍රකාශ කළේ මෙම නීති හඳුන්වාදීමේ අරමුණ මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණ සපයන සේවකයන්ට එම සේවය තුළ ළමා සුරක්ෂිත සංස්කෘතියක් ඇති කිරීමට බවයි.

සියලුම පූර්ව ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණ සේවාවන් තුළ සිටින දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රියා කරන බව අමාත්‍යවරිය අවධාරණය කළා.

ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් පැවසුවේ, ඔස්ට්‍රේලියාවේ මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය පිළිබඳ ඉතා හොඳ ක්‍රමයක් තිබුණ ද ඒ වෙනුවෙන් කළ හැකි තවත් බොහෝ දේ ඇති බවයි.

ෆෙඩරල් රජය විසින් මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණ සපයන්නන් වෙනුවෙන් හඳුන්වා දුන් නීති අනුගමනය කිරීමට දැනුම්දී ඇති අතර තවදුරටත් ආරක්ෂක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් කර තිබෙනවා.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »