Search

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් රැසකගේ වාරික දීර්ඝ වෙයි

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ගෙන් වැඩි පිරිසක් තම නිවාස ණය වාරික කාලය දීර්ඝ කර ගැනීම සඳහා ක්‍රියා කරන බව නවතම අධ්‍යනයක දී තහවුරු වී තිබෙනවා.

Finder විසින් සිදුකළ අධ්‍යනය සඳහා 1000කට වැඩි පිරිසක් ප්‍රතිචාර දක්වා ඇති අතර ඔවුන්ගෙන් සියයට 13ක් සඳහන් කර ඇත්තේ පසුගිය මාස 12 තුළ තම නිවාස ණය දීර්ඝ කර ගැනීමට කටයුතු කළ බවයි.

සමස්ථ ඔස්ට්‍රේලියානුවන් හා සැසඳීමේ දී උකස් හිමියන්ගෙන් 429,000ක් පමණ තම ණය වාරික දීර්ඝ කර ගෙන ඇති බවයි සමීක්ෂණ දත්ත පෙන්නුම් කර ඇත්තේ.

2022 වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා උකස් ණය හිමියන් ණය වාරික දීර්ඝ කර ගැනීම හේතුවෙන් වසරකට ඩොලර් 21,000ක පමණ මුදලක් අමතරව ගෙවීමට සිදුවී තිබෙනවා.

උකස් හිමියන්ගෙන් සියයට හතක් ඔවුන්ගේ ණය කාලය වසර පහකට අඩු කාලයකින් දීර්ඝ කර ඇති බව ෆයින්ඩර් පර්යේෂණයෙන් සොයාගෙන ඇති අතර ණය දීර්ඝ කිරීමේ අරමුණ තම ජීවන වියදම් අර්බුධය පාලනය කර ගැනීම බවයි උකස් හිමියන් පවසන්නේ.

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »

Today’s Top Stories.2024.09.16

ජීවත් වීමට හොඳම රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට ලැබුණු තැන මෙල්බන්වල Casey කවුන්සිල මැතිවරණයට එන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර තවත් ඝාතන සැලැස්මක් නිවාස ගැටලුව

Read More »