මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය ධාවනය කරන රියදුරන්ට අධික දඩ මුදලක් ලබාදෙන ලෝකයේ ප්‍රධාන නගර අතරට සිඩ්නි නගරය ද එක්ව තිබෙනවා.
නීති විරෝධී රිය පැදවීම ලොව පුරා ප්‍රතික්ෂේප කෙරෙන දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ඒ වෙනුවෙන් ලබාදෙන දඩ මුදල් සෑම රටකම සමාන වන්නේ නැහැ.
අදාළ දඬුවම් සහ දඩ මුදල් පිළිබඳ සමීක්ෂණය කළ කණ්ඩායම විසින් අධික දඩ මුදලක් ලබාදෙන නගර 10ක් නම් කර ඇත්තේ වැරදි ස්ථානවල වාහන නතර කිරීම, අධික වේගයෙන් රිය ධාවනය, බීමතින් රිය පැදවීම සහ මාර්ග සංඥාවලට අනුකුල නොවීම යන වැරදි පදනම් කර ගනිමින්.
එම ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය පත්වී ඇත්තේ ඉහළ දඩ මුදලක් හිමි වන ලෝකයේ 5 වන නගරය ලෙසටයි.
සිඩ්නි නගරයේ වාහනයක් නියමිත කාලය ඉක්මවා නතර කර තැබීම වෙනුවෙන් ඩොලර් 215ක දඩයක් හිමිවන අතර වේග සීමා ඉක්මවා ධාවනය කළ හොත් ඩොලර් 137ක දඩයක් ලැබෙනු ඇති.
එමෙන්ම සිඩ්නි නගරයේ බීමතින් රිය පැදවීමේ වරදට ඩොලර් 603ක් දක්වා දඩයකට යටත් වීමට රියදුරන්ට සිදු වනු ඇති,
මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු නගර 10ට එක් නොවූ මෙල්බන් නගරය 11 වන ස්ථානයට පත්වී තිබෙනවා.
මෙල්බන්හි බිමත් රියදුරෙකුට නියම කරන දඩය ඩොලර් 475ක්.
වැරදි කරන රියදුරන් වෙනුවෙන් වැඩිම දඩ මුදල් නියම කෙරෙන නගර අතුරින් පළමු තැනට පත්වී ඇත්තේ කැලිෆෝනියාවේ සැක්‍රමෙන්ටෝ (Sacramento) නගරයයි.
දෙවන ස්ථානයට අයර්ලන්තයේ ඩබ්ලින් නගරයත් තුන්වන ස්ථානයට ස්විට්සර්ලන්තයේ බර්න් නගරයත් පත්වී තිබෙනවා.