ඔස්ට්‍රේලියාවේ 28 වන ආණ්ඩුකාරවරිය ලෙස සමන්තා මොස්ටින් (Samantha Mostyn) දිවුරුම් දී තිබෙනවා.
ව්‍යාපාරිකයෙකුද වන සමන්තා මොස්ටින් හිටපු ආණ්ඩුකාර ඩේවිඩ් හර්ලි වෙනුවට පසුගිය අප්‍රේල් මාසයේදී පත් කෙරුණු අතර අද පාර්ලිමේන්තු මන්දිරයේ පැවති දිවුරුම් දීමේ උත්සවයකින් අනතුරුව ඇය නිල වශයෙන් සිය රාජකාරී ආරම්භ කළා.
ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ධුරයට පත්වූ දෙවන කාන්තාව ලෙසටයි සමන්තා මොස්ටින් සැලකෙන්නේ.
ඇයට පෙර 2008 සිට 2014 දක්වා කාලය තුළ ක්වෙන්ටින් බ්‍රයිස් (Quentin Bryce) ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ධුරයට පත්වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්ව තිබෙනවා.
දිවුරුම් දීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් නව ආණ්ඩුකාර සමන්තා මොස්ටින් කියාසිටියේ ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරුන්ගේ සිට සාමාන්‍ය මහ ජනතාව දක්වා සෑම අයෙකුම තම රට ගැන ආඩම්බරයෙන් සහ විශ්වාසවන්තව සිටින බවයි.
සෑම විටම සමානාත්මතාවය ප්‍රිය කරන රටක ජීවන වියදම් අභියෝග හරහා වර්ධනය වෙමින් පවතින අසමානතාවය දුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ඇය අවධාරණය කළේ.