ශ්රී ලංකාවේ පරිනත දමිළ දේශපාලනඥයෙකු වන සහ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන ආර්. සම්බන්දන් අභාවප්රාප්ත වී තිබෙනවා.
ඊයේ රාත්රී ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පවුලේ ඥාතින් සඳහන් කළේ.
ඔහු මිය යන විට 91 වැනි වියේ පසුවුණා.
ආර්. සම්බන්දන් වසර ගණනාවක් පුරා දමිළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කළ අතර ඔහු දශක ගණනාවක අත්දැකීම් සහිත පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතරින් අයෙක්.