Search

සීමා නොතකා ප්‍රාන්ත රජයකින් පුහුණු ශ්‍රමිකයන් දහස් ගණනකට රැකියා අවස්ථා

තවත් පුහුණු සංක්‍රමණිකයන් දහස් ගණනක් සඳහා රැකියා අවස්ථා ලබාදීමට බටහිර ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ ඇති කර ගත් ගිවිසුමක් යටතේ බටහිර ඔස්ට්‍රේලියාවට මෙම මුල්‍ය වර්ෂයේ සිට නව රැකියා ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නංවන බවයි අග්‍රාමාත්‍ය රොජර් කුක් පැවසුවේ.

කෙසේවෙතත් ආගමන අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මෙම පියවර සංක්‍රමණිකයන් බඳවා ගැනීම අඩු කිරීමට ෆෙඩරල් රජය ගෙන යන වැඩපිළිවෙලට මෙමගින් බලපෑමක් නොමැති බවයි.

2024-2025 මුල්‍ය වර්ෂය සඳහා පුහුණු සංක්‍රමණිකයන් 10,000 ක් සඳහා ෆෙඩරල් රජය සමඟ නව ගනුදෙනුවක් ඇති කර ගත් බව අගමැතිවරයා ඊයේ ප්‍රකාශ කළා.

පසුගිය වසරේ පුද්ගලයින් 95,000ක් ප්‍රාන්තය වෙත සංක්‍රමණය වී ඇති අතර තවත් නිවාස ඉදිකිරීමට සහ නිවාස පීඩනය ලිහිල් කිරීමට දක්ෂ සංක්‍රමණිකයන් ආකර්ෂණය කර ගත යුතු බව අගමැතිවරයා සඳහන් කර තිබෙනවා.

නව ගිවිසුම මගින් ඉදිකිරීම්, සෞඛ්‍ය, වැඩිහිටි සත්කාර සේවා, සංචාරක, ආගන්තුක සත්කාර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල හිඟයන් පිරවීම වෙනුවෙන් පුහුණු සංක්‍රමණිකයන් බඳවා ගනු ඇති.

ඉදිකිරිම් නිර්මාණ ශිල්පීන්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, ලියාපදිංචි හෙදියන් සහ ශල්‍ය වෛද්‍යවරුන් වැනි පුහුණු ශ්‍රමිකයන් ද බටහිර ඔස්ට්‍රේලියා රජය බඳවා ගැනීමට නියමිත පිරිසට අයත් වනවා.

නව සංක්‍රමණ ගිවිසුම යටතේ අතිරේක නිපුණතා සංක්‍රමණිකයන් සඳහා අවස්ථා 5000ක් පමණ නිර්මාණය කෙරෙන අතර, එමගින් රජය විසින් නම් කරන ලද සංක්‍රමණ වැඩසටහන දළ වශයෙන් 2300 සිට 5000 දක්වා වැඩි වනු ඇති.

මෙම සංක්‍රමණ ගිවිසුම යටතේ නිර්මාණය කරන ලද නව රැකියා 5000ක් මෙට්‍රොපොලිටන් සහ ප්‍රාදේශීය සේවා යෝජකයන් අතර සමානව වෙන් කෙරෙනු ඇති.

ෆෙඩරල් සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් පැවසුවේ ශ්‍රම හිඟයන් පුරවන අතරම නැවත නැවතත් පැමිණෙන සංක්‍රමණ සමතුලිත කිරීමට රජය උත්සාහ කරන බවයි.

ඒ හේතුවෙන් ෆෙඩරල් රජය අද සිට ඉහල යන සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සඳහා සෑම වසරකම වෙන් කරන ශිෂ්‍ය වීසා සංඛ්‍යාව අඩු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »