මෙල්බන් නගරය සහ අවට ප්‍රදේශවල වෙළඳසැල් කොල්ලකෑමට පැමිණෙන සොරුන්ට හේතුවෙන් විධිමත් ආරක්ෂක ක්‍රමවේදයක අවශ්‍යතාව වෙළඳසල් හිමියන් අවධාරණය කරනවා.
පසුගියදා මෙල්බර්න් සුපිරි වෙළඳසැලකට දුම්වැටි පැහැර ගැනීම සඳහා පැමිණි කොල්ලකරුවන් පිරිසකට එරෙහිව සේවිකාවක් සටන් කරන ආකාරය දැක්වෙන CCTV වීඩියෝවක් ද මාධ්‍ය වාර්තා කර තිබුණා.
වෙළඳසැල් හිමියන් පවසන්නේ කාර්යමණ්ඩල සාමාජිකයන්ට තම ජිවිත අවදානමේ දමමින් සොරුන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය නොවන අතර මෙවැනි සොරකම් නතර කිරීමට පොලිසියේ දායකත්වය ප්‍රමාණවත් නොවන බවයි.
මෙල්බර්න්හි වෙළඳසල් සේවකයින් සොරකම් කිරීමට පැමිණෙන පුද්ගලයින් අල්ලා ගත් පළමු අවස්ථාව මෙය නොවන බව ඔවුන් පෙන්වා දෙනවා.
සොරුන්ට මුහුණ දීම සේවකයන්ගේ කාර්යය නොවන අතර එය පොලිසියේ කාර්යයක් වන අතර එවැනි තත්වයන් යටතේ වෙළඳසල් සාමාජිකයින්ට පිහියෙන් ඇන ඇති අවස්ථා ද පවතින බව ඔවුන් ප්‍රකාශ කළා.
මෙවැනි වැරදිකරුවන් සඳහා දැඩි දඬුවම් ලබන වසර තෙක් පාර්ලිමේන්තුවට හඳුන්වා නොදෙන බැවින් මෙල්බන් වෙළඳසැල් හිමිකරුවන් මත්පැන් සහ දුම්වැටි අලෙවි කලාපය සඳහා අගුලු දැමූ කූඩු සවි කිරීමට සැලසුම් කර තිබෙනවා.
එම ආරක්ෂක පියවර විශාල වියදමක් සිදු වන ක්‍රමයක් වුව ද පොලිසියේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම හමුවේ තම වෙළඳසල් ආරක්ෂාවට එවැනි පියවර ගැනීමට සිදුවන බවයි වෙළඳසල් හිමියන් කියාසිටියේ.