මෙල්බන් ජනප්‍රිය වෙරළ තීරය නොසන්සුන් කළ සිදුවීම ගැන සියල්ල හෙළිවෙයි

මෙල්බන් ෆ්‍රෑන්ක්ස්ටන් පියර් හිදී (Frankston Pier) පිහි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ධීවරයා පිලිපීන ජාතික තිදරු පියෙකු බව හෙළිවී තිබෙනවා.

පසුගිය සෙනසුරාදා නිවසක් නොමැති පුද්ගලයෙකු විසින් සිදු කළ පහරදීමෙන් මියගිය ඔහු ක්‍රැන්බෝර්න් නෝර්ත් (Cranbourne North) පදිංචි 45 හැවිරිදි පුද්ගලයක්.

ඔහු සෙනසුරාදා උදෑසන ෆ්‍රෑන්ක්ස්ටන් තොටුපළේ මසුන් අල්ලමින් සිටියදී අහඹු ලෙස ඔහු මෙම පිහි ප්‍රහාරකයාගේ ඉලක්කය වී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවසක් හෝ ස්ථිර ලිපිනයක් නොමැති 36 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් අතර ඔහුට මිනීමැරුම් චෝදනා එල්ලවී තිබෙනවා.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු ප්‍රකාශ කර තිබුණේ මෙම ධීවරයා අහඹු ලෙස ප්‍රහාරකයාගේ ඉලක්කය වී ඇති අතර එම අවස්ථාවේ සැකකරු හමුවන ඕනෑම අයෙකු මරා දැමීමට සුදානම් ආකාරයක් පෙන්නුම් කෙරුණු බවයි.

මියගිය පුද්ගලයා සහ සැකකරු එකිනෙකා නොහඳුනන අය බව වික්ටෝරියා පොලිසිය තහවුරු කර තිබෙනවා.

ඝාතකයා ඊයේ මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ ඔහු ලබන නොවැම්බර් 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

නඩුවේ සාක්ෂි සම්පාදනය කිරීමට සති 12ක් අවශ්‍ය වන බව අධිකරණය හමුවේ පෙනී සිටි පොලිසිය ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »