Search

අද සිට සිඩ්නිවල පොදු ප්‍රවාහන ගාස්තු වැඩිවෙයි

වාර්ෂිකව සිදු කරනු ලබන ඔපල් (Opal) ගාස්තු වැඩිවීම හේතුවෙන් අද සිට සිඩ්නි නගරයේ පොදු ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සිඩ්නි සහ ඒ අවට පොදු ප්‍රවාහන ගාස්තු සියයට 3.6ක පමණ අගයකින් ඉහළ යනු ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ගාස්තු වැඩි කිරීමට අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැඩිහිටි පුද්ගලයින්ගේ දුම්රිය සහ මෙට්‍රෝ ගාස්තු ශත 49කින් ද බස් සහ සැහැල්ලු දුම්රිය ගාස්තු ශත 43කින් ද මගී නෞකා ගාස්තු ශත 43කින්ද වැඩිවනු ඇති.

ළමුන්, තරුණයින් මෙන්ම සහන කාඩ්පත් හිමියන් සඳහා දුම්රිය සහ මෙට්‍රෝ ගාස්තු ඉහළ නංවනු ලබන්නේ ශත 24කින් වන අතර එම පිරිස සඳහා බස් සහ සැහැල්ලු දුම්රිය ගාස්තු ශත 14කින් ඉහළ යන බව සඳහන්.

ළමුන්, තරුණයින් සහ සහන කාඩ්පත් හිමියන්ට මගී නෞකා ගාස්තු ඉහළ නංවා ඇත්තේ ශත 22කින් බවයි වාර්තා වන්නේ.

ඔපල් වට්ටම් සහ අනෙකුත් සාධක මත බොහෝ මගීන්ට සාමාන්‍යයෙන් සතියකට ඩොලර් 1 ට වඩා අඩු ගාස්තු වැඩිවීමක් සිදු වනු ඇති.

සතිපතා ගාස්තු සීමාව වැඩිහිටියන් සඳහා ඩොලර් 50ක් ලෙසට සහ ළමයින්, තරුණයින් ඇතුළු කණ්ඩායම් මෙන්ම සහන කාඩ්පත් හිමියන් සඳහා ඩොලර් 25ක් ලෙස පවතිනු ඇති.

ඒ අනුව අද සිට අයවැය යෝජනා ප්‍රකාරව ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සිදුකරන බවයි නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කර ඇත්තේ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »