උතුරු ක්වීන්ස්ලන්තයේ බෲස් අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
පුද්ගලයන් 33 දෙනෙකු රැගත් බස් රථයක් මෝටර් රථයක් ඇදගෙන යමින් තිබු ආපදා රථයක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
අද පෙරවරු 11 ට පමණ බොවන් සහ ටවුන්ස්විල් අතර තුවාල ලැබුවන් සහ මියගිය සියලුදෙනා බස් රථයේ ගමන් කළ අය බව සඳහන්.
බස් රථය අනෙක් රථයේ ගැටීමට නිශ්චිත හේතුව කුමක්ද යන්න මෙතෙක් හෙළිවී නොමැති අතර පොලිසිය ප්‍රකාශ කළේ එම කලාපය පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි ප්‍රදේශයක් බවයි.
ගිලන් රථ වෛද්‍යවරුන් විසින් එම ස්ථානයේදී පුද්ගලයින් 27 දෙනෙකුට ප්‍රතිකාර ලබාදී ඇති අතර ඔවුන්ගෙන් හත් දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
ඔවුන් ටවුන්ස්විල් සහ අයර් රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශ වෙත ගෙන ගොස් තිබෙනවා.
කාර්ය මණ්ඩලය තුවාලකරුවන්ට ප්‍රතිකාර කරන බැවින් තම රෝගී තත්වයන් බරපතල නොවන්නේ නම් රෝහලෙන් බැහැරව සිටින ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් ද කෙරෙනවා.