ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර වෙයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවරක් බවට පත්වී ඇතැයි නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඕනෑම ප්‍රාන්තයක හෝ ප්‍රදේශයක සිදුවී ඇති අපරාධවලට වැඩි වශයෙන්ම ගොදුරු වූවන් වාර්තා වන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් බවයි සඳහන් වන්නේ.

පසුගිය වසරේ පමණක් ප්‍රාන්තයේ නිවැසියන් 300,000කට ආසන්න පිරිසක් අපරාධවලට ගොදුරු වූ අතර මෝටර් රථ සොරකම් සහ නිවාසවල සොරකම් ද ඉහළ යමින් පවතින බව සඳහන්.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව දත්තවලට අනුව 2023 වසරේදී පහරදීම් 58,479 ක් සහ නිවාස බිඳීම් 49,490ක් සිදුවී තිබෙනවා.

එමෙන්ම අදාළ කාලය තුල සිදුවී ඇති මෝටර් රථ සොරකම් සංඛ්‍යාව 18,210 ක්.

මිලියන 8.4 ක විශාල ජනගහනයක් සිටින නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය හා සැසඳීමේදී මිලියන 5.5 ක පදිංචිකරුවන් පිරිසක් සිටින ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අපරාධ අනුපාත සියයට 12 කින් වැඩි බව මෙම දත්ත මගින් හෙළිවී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය අපරාධවලට ගොදුරු වූවන් සඳහා නව ආධාර පැකේජයක් ද හඳුන්වා දී ඇති අතර එය හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

ප්‍රචණ්ඩකාරී අපරාධවලට මුහුණ දුන් වින්දිතයින් සඳහා නොමිලේ උපදේශනය සහ මූල්‍ය ආධාර ලබා දීම ද මෙම ක්‍රියාමාර්ගවලට ඇතුළත්.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »