ඔස්ට්‍රේලියා එන සිසුන්ට නොමිලේ Transport දෙන්න ශ්‍රී ලාංකීය ආයතනයක් සූදානම්

ජාත්‍යන්තර සිසුන් සඳහා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන උපදේශන කටයුතුවලට සහාය ලබාදෙන ආයතනයක් වන Tingo Education විසින් ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සිසුන් සඳහා නව සහන සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ කිනම් අධ්‍යාපන ආයතනයක් හරහා ඔස්ට්‍රේලියාවට පැමිණිය ද ගුවන්තොටුපලේ සිට ඔවුන්ගේ නවාතැන් වෙත නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීම සඳහායි.

දිනපතා ශ්‍රී ලන්කන් ගුවන් සේවා ඔස්සේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ට මෙරටට පැමිණීමෙන් අනතුරුව තමන්ගේ නවාතැන් සොයා ගැනීමට නොහැකිව පත්වන අපහසුතා සැලකිල්ලට ගනිමින් Tingo Education ආයතනය මෙම වටිනා පියවර ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සිසුන් Tingo Education ආයතනය හරහා ලියාපදිංචි වී පැමිණෙන සිසුන් නොවුන ද ඔවුන්ට මෙම ප්‍රවාහන පහසුකම් නොමිලේ හිමිවීමයි.

මෙරට පවතින ආර්ථික තත්වය වැනි කරුණු සැලකිල්ලට ගැනීමෙදී අධ්‍යාපන උපදේශන ආයතනයක් විසින් මෙවැනි නොමිලේ සහන සේවාවක් ලබාදීම සුවිශේෂී කරුණක් වනවා.

Tingo Education ලබාදෙන මෙම සේවාව තුලින් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන සිසුන්ට කිසිදු අපහසුතාවකින් තොරව තම නවාතැන් වෙත පහසුවෙන් ළගාවීමට අවස්ථාව ලැබෙනු ඇති.

මෙල්බන් නගරය කේන්ද්‍ර කර ගනිමින් Tingo ආයතනය මෙම සේවාව ජාත්‍යන්තර සිසුන්ට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාව මෙන්ම ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයකම ශාඛාවලින් සමන්විත Tingo Education සැලකෙන්නේ උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට යාමට බලාපොරොත්තු වන සිසුන් සඳහා විශ්වාසනීය සේවා සපයන පිළිගත් සංවිධානයක් ලෙසටයි.

ඔවුන් ඔස්ට්‍රේලියාවට එන සිසුන්ට Airport PickUp, නවාතැන් සොයා දීම වැනි විවිධ ශිෂ්‍ය උපකාරක සේවාවන් රැසක් ද නොමිලේ ක්‍රියාත්මක කරනු ලබනවා.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් කිහිපයකම Tingo Education ශාඛා පිහිටා ඇති අතර ඉදිරියේදී එහි සේවා තවදුරටත් පුළුල් කිරීමටයි ආයතනය අපේක්ෂාවෙන් පසුවන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »