විරාත් කෝලි T20 පිටියට සමුදෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන විරාත් කෝලි ජාත්‍යන්තර T20 තරගවලින් සමු ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ලෝක කුසලාන අවසන් මහා තරග ජයග්‍රහණයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් කෝලි සඳහන් කළේ මෙම තරගය තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකරන අවසන් තරගාවලිය බවයි.

“මේ මගේ අවසන් විස්සයි20 ලෝක කුසලානය. අපට ලබාගැනීමට අවශ්‍ය වූණේ මෙයයි. මේක තමයි මම ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් විස්සයි20 තරගය. මේක ප්‍රසිද්ධ රහසක්. අපි පැරදුනත් මම මේ තීරණය ගන්න හිටියේ. ඊළඟ පරම්පරාවට ඉන්දීය විස්සයි20 කණ්ඩායම නියෝජනය කිරීමට මේ තමයි කාලය. ICC තරගාවලියක් ජයග්‍රහණය කරන තෙක් අපි බොහෝ කාලයක් බලා සිටියා”

ඉන්දීය කණ්ඩායමට මෙම අවසන් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදුන් විරාත් කෝලි අගනා අර්ධ ශතකයක්ද රැස්කිරීමට සමත් වුණා.

ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ද හිමි වූයේ ඔහුටයි.

T20 ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර විරාත් කෝලි දෙවැනි වන්නේ ඉන්දියාවේම රෝහිත් ශර්මාට පමණයි.

2010 වසරේදී ජාත්‍යන්තර T20 වරම් හිමි කර ගත් සුපිරි පිතිකරුවාට මේ වනවිට වයස අවුරුදු 35ක් වනවා.

මේ වනවිට පන්දුවාර 20 තරග ඉනිම් 117කට ක්‍රීඩාකර ලකුණු 4188ක් රැස්කරගෙන සිටින විරාත් කෝලිගේ දක්ෂතා අතර ශතකයක් හා අර්ධ ශතක 38ක් ද සටහන් වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »