ලාභ ලබන්න නිවාස අලෙවි කළ මෙල්බන් දේපළ හිමියන්ට වෙච්චි දේ

වසර 14කට පමණ පසු ඔස්ට්‍රේලියාවේ දේපළ අලෙවියෙන් බොහෝ දෙනෙකු ලාභයක් ලැබුව ද ඇතමුන් තම නිවාස ඇතුලු දේපළ අලෙවිය මගින් අලාභ ලබා ඇතැයි වාර්තාවී තිබෙනවා.

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියානු උප නගර කිහිපයක සෑම විකුණුම්කරුවන් දස දෙනෙකුගෙන් හතර දෙනෙකුටම තම නිවස විකුණා පාඩු වී ඇති බවයි සඳහන් වන්නේ.

බොහෝ ඔස්ට්‍රේලියානුවන් තම දේපළ අලෙවි කර මුදල් උපයා ගත්ත ද මෙල්බර්න් හි බොහෝ නිවාස හිමියන්ට ලාභ ලැබී නොමැති බව සඳහන්.

මෙල්බන් නගරයේ මහල් නිවාස හිමියන් සමස්ත ඔස්ට්‍රේලියාවේ වඩාත්ම පීඩාවට පත් වූ කණ්ඩායම බවට පත්වී ඇති අතර එහි නිවාසවලින් සියයට 38.9ක් අලෙවියේදී ඩොලර් 54,500ක පමණ අලාභයක් වාර්තා කර ඇති බව නවතම CoreLogic දත්ත හෙළි කර තිබෙනවා.

රටේ සෙසු ප්‍රදේශවල නිවාස 16න් එකක් පමණක් අලාභ ලබමින් අලෙවි කර ඇති බවට දත්ත මගින් හෙළිදරව් කරන අතර අගනගරවල නිවාසඅලෙවියේ අලාභය සියයට 10.6 කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්.

CoreLogic Pain and Gain වාර්තාවේ දැක්වෙන්නේ පෝට් මෙල්බර්න් මාර්තු දක්වා ගතවූ වසරක් තුළ මැදි අදායම් නිවාස මිල ඩොලර් මිලියන 1.67 දක්වා සියයට 0.1 කින් පහත වැටී ඇති අතර එම තදාසන්න ප්‍රදේශයේම මහල් නිවාස වටිනාකම ඩොලර් 798,563 දක්වා සියයට 1.3 කින් පහත වැටී ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »