Facebook බලධාරීන්ගේ හැසිරීමක් ගැන අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක්

මෙටා සමාගමේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය මගින් දරුවන්ට හානියක් නොවන බව එම සමාගම් බලධාරීන් පැවසීම පිළිගත නොහැකි බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා,

මෙටා සමාගම පසුගිය සිකුරාදා කැන්බරා හි පාර්ලිමේන්තු පරීක්ෂණයක් ඉදිරියේ පෙනී සිටි අතර එහි සමාජ මාධ්‍ය වේදිකාවල සියලුම ප්‍රවෘත්ති අන්තර්ගතයන් අවහිර කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා ද සිදු වූ බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය දරුවන්ට හානියක් කර ඇතැයි තමන් නොසිතන බව මෙටා හි උප සභාපති සහ ගෝලීය ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී ඇන්ටිගනී ඩේවිස් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ මෙල්බර්න්හිදී මාධ්‍ය අමතමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ මෙටා සමාගම සමාජයේ සිදුවීම් පිළිබඳ අවධානයක් නොමැති අතර ඔවුන්ගේ ප්‍රකාශ ඉතා අහංකාරද බවයි.

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙටා සමාගමේ දායකත්වය ප්‍රමාණවත් නොවන බවට කමිටු සාමාජිකයින් කළ යෝජනාවට මෙටා උප සභාපතිනිය එකඟ නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් අගමැතිවරයා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය මගින් ළමයින් ඇතුළු තරුණයන්ගේ මානසික සෞඛ්‍යයට මෙන්ම හිංසනවලට අන්තර්ජාලය මෙන්ම සමාජ මාධ්‍ය මගින් හානිකර බලපෑමක් ඇති කළ හැකි බව සෑම දෙමාපියෙක්ම දන්නා බවයි.

මෙම පරීක්ෂණයේදී මෙටා බලධාරීන් පෙන්වූ අහංකාරකම, කිසිදු වගකීමක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම මෙන්ම ගැටලුවක් ඇති බව පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ගැන දෙමාපියන් කලබල වනු ඇති බව අගමැතිවරයා සඳහන් කළා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »