අසල්වැසියාගේ CCTV කැමරාව ඔස්ට්‍රේලියාවේ ඔබට හිරිහැරයක් නම් කරන්න ඕන මේකයි

ඔස්ට්‍රේලියාවේ නිවාස රැසක ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් සවි කර ඇති CCTV කැමරා හේතුවෙන් තම පෞද්ගලිකත්වයට හානියක් සිදුවන බව හැඟෙන්නේ නම් ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

CCTV කැමරා සවි කිරීමට ඇති අයිතිය සහ හිරිහැරයක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙම දැනුවත් කිරීම සිදු කර ඇත්තේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ මහාචාර්යවරියක වන බාබරා මැක්ඩොනල්ඩ් විසින්.

ඇය පෙන්වා දෙන්නේ ගතවූ වසර කිහිපයේදී CCTV කැමරා තාක්ෂණය ලාභදායී මෙන්ම ඕනෑම අයෙකුට පහසුවෙන් හැසිරවීමේ හැකියාව හේතුවෙන් පුද්ගලික ආරක්ෂක කැමරා නිවාස රැසක සවිකර බවයි.

එක් පුද්ගලයෙකු අත්‍යවශ්‍ය ආරක්ෂක පියවරක් ලෙස සැලකිය හැකි මෙම කැමරා මගින් අසල්වැසි නිවසේ පදිංචිකරුවන්ට තම පෞද්ගලිකත්වයට බාධා කිරීමක් ලෙස සැලකිය හැකි ඇය පෙන්වා දෙනවා.

මහාචාර්ය බාබරා මැක්ඩොනල්ඩ් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිතිය අනුව පුද්ගලිකත්වය සඳහා සාමාන්‍ය අයිතියක් හෝ පුද්ගලිකත්වයට බාධා වීම සම්බන්ධයෙන් නඩු පැවරීමට අයිතියක් නොමැති බවයි.

ෆෙඩරල් සහ ප්‍රාන්ත මට්ටමින් පොදු නීතියේ සහ නීති සම්පාදනයේ ඇති ගැටලු හේතුවෙන් මෙම තත්වය මතුවී ඇති බව සඳහන්.

උදාහරණයක් ලෙස මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ පොදු අවකාශයේ තමන්ට පෙනෙන ඕනෑම දෙයක් ඡායාරූප ගත හැකි අතර ඡායාරූපයක් ගැනීමට එරෙහිව නීතියක් නොමැති බවයි.

ජනප්‍රිය පුද්ගලයින් පසුපස යමින් ඡායාරූප ලබාගන්නා පැපරාසීන් නීතියෙන් බේරී සිටින්නේ එම තත්වය මත බව මහාචාර්යවරිය ප්‍රකාශ කළා.

මේ අනුව අසල්වැසියාගේ කැමරාව සම්බන්ධයෙන් තමන්ට ගැටළුවක් පවතින්නේ නම් කළ යුතු හොඳම ක්‍රියාව වන්නේ ඒ පිළිබඳ එම නිවෙස් හිමිකරුවන් හෝ පදිංචිකරුවන් සමග කතා කිරීමයි.

එහිදී කැමරාව ඇති ස්ථානය වෙනස් කිරීමට හෝ එහි දිශාව වෙනස් කරන ලෙස ආචාරශීලීව ඉල්ලා සිටින ලෙස ඇය දැනුම් දෙනවා.

එමෙන්ම හැකි සෑම අවස්ථාවකම ඊමේල් පණිවුඩයක් හෝ ලිඛිත ක්‍රමයක් අනුගමනය කිරීම මගින් තම ඉල්ලීම පිළිබඳ වාර්තාවක් තමා සතුව තබා ගැනීමට හැකියාව පවතිනවා.

එම ඉල්ලීම්වලට ඔවුන් සාධාරණ ලෙස ක්‍රියා නොකරන්නේ නම් හෝ සාපරාධී හැසිරීමක් ඇත්නම් පොලිසියට හෝ පළාත් පාලන ආයතනයට දැනුම් දිය හැකියි.

පැහැදිලිවම මෙවැනි ආරවුල් සාමකාමීව විසඳා ගත යුතු අතර ඇතැම් විට සමථ මණ්ඩල සේවාවක් හෝ ප්‍රජා නීති මධ්‍යස්ථානයකින් හෝ විසඳුම් ලබා ගන්නා ලෙසටයි දැනුම් දෙන්නේ.

මහාචාර්ය මැක්ඩොනල්ඩ් පෙන්වා දෙන්නේ එමෙන්ම තම නිවසේ CCTV කැමරා සවි කිරීමට අවශ්‍ය නම් නීත්‍යානුකූල උපකරණ සහ ඒවා භාවිතා කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම වැදගත් බවයි.

තම කැමරා උපාංග අසල්වාසීන්ට පෙනෙන්නේද සහ එමගින් ඔවුන්ට අපහසුතාවයක් ඇති කළ හැකිද යන්න ඔවුන්ගෙන් විමසා පරීක්ෂා කරන ලෙසට ද දැනුම් දෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »