ඔස්ට්‍රේලියාවේ වැඩි වැටුප් සොයන අයට හොඳ රැකියාවක්

බටහිර ඔස්ට්‍රේලියාවේ සේවක හිඟය හේතුවෙන් වසා දැමීමට සිදුව ඇති ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා සේවකයන් ගෙන්වා ගැනීමේ අරමුණින් වැඩි වැටුප් සහ ආකර්ශනීය සේවා කොන්දේසි රැසක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

ඉහළ වැටුප්, නොමිලයේ නවාතැන් පහසුකම් ඇතුළු සහන රැසක් ළමා සුරැකුම් සේවකයන්ට ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

කම්කරුවන්ගේ හිඟය නිසා වසා දැමීමේ අවදානමට ලක්ව ඇති කලාපීය ළමා සුරැකුම් මධ්‍යස්ථාන මෙමගින් නැවත ක්‍රියාකාරී තත්වයට පත්කර ගැනීමට හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

පිල්බරා, ගැස්කොයින්, කිම්බර්ලි සහ ගෝල්ඩ්ෆීල්ඩ්ස් හි ළමා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යාමට කැමති ළමා ආරක්ෂණ කාර්ය මණ්ඩලයට තම සුදුසුකම් සහ තනතුර අනුව වසරකට සාමාන්‍යයෙන් ඩොලර් 150,000ක් පමණ මුදලක් උපයා ගත හැකි බව සඳහන්.

ස්ථීර සේවයේ නිරත වන අධ්‍යාපනඥයින්ට සති දෙකක වැඩ සහ සතියක නිවාඩුවක් අනුව සේවය කිරීමට අවස්ථාව ලැබෙන අතර අනියම් කාර්ය මණ්ඩලයට සේවා අවශ්‍යතාවය අනුව වෙනස් කාලසටහනකට අනුව ගිවිසුම්ගත වී සේවය කළ හැකියි.

2023 අගභාගයේදී Australian Childcare Alliance (ACA) විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව හෙළිවී ඇත්තේ ළමා සුරැකුම් අංශයේ ශ්‍රම බලකායේ ගැටලු හේතුවෙන් ඔස්ට්‍රේලියානු දෙමව්පියන් දහස් ගණනක් ළමා සුරැකුම් සේවා ප්‍රතික්ෂේප කරන බවයි.

කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ රඳවා තබා ගැනීම මෙම අංශයේ විශාලතම ගැටළුවලින් එකක් බවට ද හෙළිවී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »