
නිවාස නොමැති පුද්ගලයින්ට එළිමහනේ නිදාගැනීම තහනම් කිරීමට පළාත් පාලන ආයතනවලටවලට ඉඩ සලසන නව නීතියක් ඇමරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නවාතැන් පහසුකම් නොමැති පුද්ගලයන් වෙනුවෙන් ගන්නා එවැනි තීරණ කුරිරු හා අසාමාන්‍ය බවට කැලිෆෝනියාවේ අභියාචනාධිකරණයක් විසින් නිකුත් කළ තීන්දුවක් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරනය මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
මෙය නිවාස ගැටලුව සම්බන්ධයෙන් අධිකරණය වසර ගණනාවකට පසු ලබා දුන් වැදගත් තීන්දුවක් වන අතර විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඇමරිකාවේ ස්ථිර පදිංචියක් නොමැති පුද්ගලයන් ගණන දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි.

නිදා ගැනීමට ස්ථානයක් අවශ්‍ය පුද්ගලයින්ට දඬුවම් කිරීම අපරාධයක් බව නිවාස නොමැති පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ප්‍රකාශ කළා.
රටේ නිවාස නොමැති ජනගහනයෙන් තුනෙන් එකක් පමණ ජීවත් වන කැලිෆෝනියාවේ, ඩිමොක්‍රටික් ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් පැවසුවේ, මෙම තීරණය සමග ප්‍රාන්ත සහ ප්‍රාදේශීය නිලධාරීන් වීදිවලින් අනාරක්ෂිත කඳවුරු ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ නිවාස නොමැති පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය 2023 වසරේ සියයට 12ක ඉහළම අගයක් වාර්තා කර තිබුණා.
650,000කට වැඩි පිරිසක් නිවාස නොමැති අය බවට ඇස්තමේන්තු කර ඇති අතර එය සැලකෙන්නේ 2007 වසරේදී අදාළ සංඛ්‍යා ලේඛන ආරම්භයෙන් පසු වාර්තා වූ වැඩිම පිරිස ලෙසටයි.