මෙල්බන්හි ජනප්‍රිය වෙරළකින් අබිරහස් මළ සිරුරක්

මෙල්බර්න්  Frankston Pier තොටුපළ ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම මළ සිරුර හමුවීම පුද්ගල ඝාතනයක් ලෙසට සලකා විමර්ශන සිදු කරන බවයි පොලිසිය කියාසිටියේ.

අද උදෑසන 6 ට පමණ මෙම පුද්ගල මළ සිරුර සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිසිය සහ ගිලන් රථ එම ස්ථානයට පැමිණ තිබුණා.

මෙම මළ සිරුර හමුවූ ස්ථානය මෙල්බන්හි ජනප්‍රිය පිහිනුම් සහ මසුන් ඇල්ලීමේ ස්ථානයක් ලෙසටයි සැලකෙන්නේ.

මෙම පුද්ගලයාගේ සිරුර ජලයේ තිබී හමුවූ අතර පොලිසිය විශ්වාස කරන්නේ එම ස්ථානයේදී ම ඔහු මියගොස් ඇති බවටයි.

මළ සිරුර හමුවූ වෙරළේ සිටි සැක කටයුතු පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු පරීක්ෂණ සඳහා සහාය වන බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා සහ අත්අඩංගුවට ගත් සැකකරු යන දෙදෙනා එකිනෙකා හඳුනන පුද්ගලයන් නොවන බවට ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාව ද මෙතෙක් හෙළි වී නොමැති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »