
එළඹෙන පාසැල් නිවාඩුවට සමගාමීව බාලි දූපත් සදහා සංචාරයට යෑමට සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
විශේෂයෙන් බාලි සහ ඉන්දුනිසියා දූපත් ආශ්‍රිතව මේ දින වල ඩෙංගු මදුරු අවදානම ඉහළ ගොස් ඇති අතර පසුගිය වසරේ මෙම කාල සීමාව තුළ බාලි දුපත්වල සංචාරය කළ ඔස්ට්‍රේලියානුවන් අතර ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් තිබුණා.
බටහිර ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය වසරේ බාලි දුපතේ සංචාරය කළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් අතුරින් ඩෙංගු රෝගීන් 322ක් වාර්තා වූ බවයි.

මෙම වසර ආරම්භයේ සිට ලොව පුරා ඩෙංගු රෝගීන් මිලියන 9.5 කට වඩා වාර්තා වී ඇති අතර ඉන්දුනීසියාවෙන් පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 90000ක්.
බටහිර ඔස්ට්‍රේලියාවේ බෝවන රෝග පාලන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය පෝල් එෆ්ලර් පැවසුවේ ඩෙංගු උණ අසාදනය මගින් ජීවිත අවදානමක් ද ඇති විය හැකි බවයි.

උදෑසන සහ දහවල් කාලයේ ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් දෂ්ඨ කිරීම් සිදු කරන ඩෙංගු මදුරුවන් නාගරික කලාපවල වැඩි වශයෙන් ගැවසෙන බව සඳහන්.
උණ, හිසරදය, තෙහෙට්ටුව, සන්ධි සහ මාංශ පේශි වේදනාව, උදර වේදනාව, වමනය සහ නාසයෙන් ලේ ගැලීම මෙහි රෝග ලක්ෂණ වන අතර විදෙස් සංචාර අතරතුර මෙවැනි රෝග ලක්ෂණ මතුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දී ඇත්තේ.