ජුලි 1 සිට ඔස්ට්‍රේලියාවේ වෙනස් වෙන වීසා සහ සංක්‍රමණික නීති සියල්ල මෙන්න

ලබන සදුදා සිට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික විසා සම්බන්ධයෙන් පසුගිය ෆෙඩරල් අයවැයෙන් ඉදිරිපත් කළ සංශෝධන රැසක් බලාත්මක වීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජනගහනය පාලනය කිරීම සඳහා සංක්‍රමණිකයින් අඩු කිරීමට මෙන්ම අධ්‍යාපනයේ ප්‍රමිතීන් පවත්වා ගෙන යෑමේ අරමුණින් මෙම සංශෝධන ක්‍රියාත්මකයි.

ඒ අනුව ජුලි පළමු වනදා සිට Visitor වීසා වලින් ඔස්ට්‍රේලියාවට පැමිණ Student visa අයදුම් කිරීමට කිසිවෙකුටත් අවස්ථාව හිමිවන්නේ නැහැ.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ Business Innovation and Investment (Provisional) visa නැතහොත් Subclass 188 වීසා කාණ්ඩය යටතේ නව අයදුම්පත් භාර ගැනීම ද ලබන ජුලි මස පළමුවනදායින් අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම Temporary Gratuate visa ලාභීන් සඳහා ද වෙනස්කම් රැසක් ලබන සඳුදා සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව Temporary Gratuate visa කාණ්ඩය යටතේ මෙරට පශ්චාත් උපාධි අපේක්ෂාවෙන් පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සඳහා වන වයස් සීමාව වයස අවුරුදු 35කට සීමා වනු ඇති.

මෙම සීමාව හොංකොං සහ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි සිසුන්ට වලංගු නොවන අතර ඔවුන්ට වයස අවුරුදු 50 තෙක් එම වීසා කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාවය පැමිණිය හැකියි.

මෙලෙස වයස් සීමාව අඩු කිරීම හේතුවෙන් පශ්චාත් උසස් අධ්‍යාපනය සඳහා තවදුරටත් සුදුසුකම් නොලබන යදුම්කරුවන්ට වෙනත් වීසා බලපත්‍ර ක්‍රම හඳුන්වා දීමට ද යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

මීට අමතරව Temporary Skilled Migration වීසා කාණ්ඩයේ ආදායම් සීමාව ‌ඩොලර් 73,150 දක්වා වැඩි කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජුලි මස පළමුවනදා සිට එම වීසා කාණ්ඩය යටතේ මෙතෙක් පැවති ඩොලර් 70,000 ආදායම් සීමාව ඩොලර් 73,150 දක්වා වැඩි වනු ඇති.

ජූලි පළමු වනදා සිට Temporary Skilled Migration වීසා කාණ්ඩයට යොමු කරන නව අයදුම්පත් සඳහා ඩොලර් 73,150 හෝ වාර්ෂික වෙළඳපල වැටුප් අනුපාතය සපුරාලීමට අවශ්‍ය වන බවයි ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම අදායම් සීමා වෙනස දැනට වීසා බලපත්‍ර හිමි පුද්ගලයන්ට සහ 2024 ජූලි 1ට පෙර ගොනු කරන ලද අයදුම්පත් සඳහා බලපැවැත්වෙන්නේ නැහැ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »