හිරුණිකා ප්‍රේමචන්ද්‍රට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ විසිසිනුයි අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම දඬුවම නියම කර තිබෙනවා.

ඇයට එරෙහිව පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පැවති මෙම නඩුවට අදාළ චෝදනා 18කට කොළඹ මහාධිකරණය විසින් හිටපු මන්ත්‍රීවරිය වරදකරු කර ඇති බව සඳහන්.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් වෙළෙඳසැලක සේවය කරමින් සිටි තරුණයෙකුව පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 08 දෙනෙකුට එරෙහිව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් ද කොළඹ මහාධිකරණයට අධි චෝදනා ඉදිරිපත් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අධාරකරුවන් 8 දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබුවා.

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි එම සිද්ධියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »