
COVID-19 එන්නත ලබා ගත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගෝල්ඩ් කෝස්ට් හි සෞඛ්‍ය සේවකයෙකු අහිතකර ප්‍රතිචාරයක් දැක්වීමෙන් පසු රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ.
ඊයේ ගෝල්ඩ් කෝස්ට් විශ්ව විද්‍යාල රෝහලේදී ෆයිසර් එන්නත ලබා දුන් අවස්ථාවේදී පුද්ගලයාට ඇනෆිලැක්සිස් ප්‍රතික්‍රියාවක් ඇතිවිය.
ගෝල්ඩ් කෝස්ට් සෞඛ්‍ය ප්‍රකාශකයෙකු සනාථ කළේ එම පුද්ගලයා මීට පෙරද ඇනෆිලැක්සිස්තත්වයන් වලට මුහුණ දුන් කෙනෙකු බවයි. තවද, මෙම පුද්ගලයා එම ප්‍රතික්‍රියාවට ඉක්මණින් ප්‍රතිචාර දක්වා ඇති අතර ඉක්මනින් සුවය ලබා ඇති බව සඳහන්.
“ඕනෑම එන්නතකින් ඇතිවිය හැකි අතුරු ආබාධයක් ලෙස ඇනෆිලැක්සිස් හඳුනාගෙන ඇත. මේ සඳහා කාර්ය මණ්ඩලය හොඳින් සූදානම්ව සිටින අතර එවැනි ප්‍රතික්‍රියා කළමනාකරණය කිරීම සඳහා දැඩි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වේ.”
සේවකයාට සුදුසු ප්‍රතිකාර ලබා දී ඇති බවත්, පසුව සුවය ලබා ඇති බවත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්සනාථ කළහ.
