Search

ඇෆ්ගනිස්ථානයේ ලෝක කුසලාන ගමන අවසන්

පන්දු වාර 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් වුණා.

ඒ අද ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුළු 09ක පහසු ජයක් ලබාගැනීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 11යි පන්දු 5ක් අවසානයේ සියළු දෙනා රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 56ක් පමණයි.

එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් Azmatullah Omarzai ලකුණු 10ක් රැස්කළා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් Marco Jansen සහ Tabraiz Shamsi කඩුලු 03 බැගින් දවාගත්තා.

ලකුණු 56ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 08යි පන්දු 05ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් රැස්කරමින් සිය ජයග්‍රාහණය තහවුරු කළා.

එහිදී ඔවුන්ට කඩුළු 09ක් ජයක් හිමිවූ අතර අවසන් මහා තරගයටද සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »