දකුණු ඔස්ට්‍රේලියාවේදී ගුවන් යානයක් කඩා වැටෙයි

දකුණු ඔස්ට්‍රේලියාවේ Coober Pedy ප්‍රදේශයේ Mulgathing හිදී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

අද උදෑසන 9.30ට පමණ ලැබුණු තොරතුරකට අනුව ආරක්ෂක අංශ එම ප්‍රදේශයට ගමන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඇඩිලේඩ් සිට කිලෝමීටර 808ක් පමණ දුරකින් පිහිටා ඇති Mulgathing ප්‍රදේශයේ සිදු වූ අනතුරින් තුවාල ලැබුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව තොරතුරු වාර්තා වී නැහැ.

දකුණු ඔස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කළේ ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම අනතුරට ප්‍රතිචාර දක්වන බවයි.

හදිසි සේවා කණ්ඩායම් අනතුර සිදු වූ ස්ථානයට ගමන් කරමින් සිටින අතර අනතුරුව වැඩි දුර තොරතුරු ලබා දෙන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

දකුණු ඔස්ට්‍රේලියා පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ දුර ප්‍රමාණය හේතුවෙන් ආරක්ෂක අංශ වෙත ප්‍රදේශයට ළඟා වීම ප්‍රමාද වනු ඇති බවයි.

Mulgathing යනු ස්ටුවර්ට් අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි හෙක්ටයාර 530,000ක පමණ බැටළු ගොවිපළක් පිහිටි ප්‍රදේශයක්.

එහි ගුවන් පථයක් ද පවතින අතර එහි ගොවිපළ කටයුතු පහසු කර ගැනීම සඳහා ගුවන් යාන භාවිත කරන බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »