Search

සිඩ්නි පොදු ප්‍රවාහන ගාස්තු ලබන සතියේ සිට වැඩි වෙන්නේ මෙහෙමයි

වාර්ෂිකව සිදු කරනු ලබන ඔපල් (Opal) ගාස්තු වැඩිවීම හේතුවෙන් ලබන සඳුදා සිට සිඩ්නි නගරයේ පොදු ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සිඩ්නි සහ ඒ අවට පොදු ප්‍රවාහන ගාස්තු ලබන සතියේ සිට සියයට 3.6ක පමණ අගයකින් ඉහළ යනු ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ගාස්තු වැඩි කිරීමට අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැඩිහිටි පුද්ගලයින්ගේ දුම්රිය සහ මෙට්‍රෝ ගාස්තු ශත 49කින් ද බස් සහ සැහැල්ලු දුම්රිය ගාස්තු ශත 43කින් ද මගී නෞකා ගාස්තු ශත 43කින්ද වැඩිවනු ඇති.

ළමුන්, තරුණයින් මෙන්ම සහන කාඩ්පත් හිමියන් සඳහා දුම්රිය සහ මෙට්‍රෝ ගාස්තු ඉහළ නංවනු ලබන්නේ ශත 24කින් වන අතර එම පිරිස සඳහා බස් සහ සැහැල්ලු දුම්රිය ගාස්තු ශත 14කින් ඉහළ යන බව සඳහන්.

ළමුන්, තරුණයින් සහ සහන කාඩ්පත් හිමියන්ට මගී නෞකා ගාස්තු ඉහළ නංවා ඇත්තේ ශත 22කින් බවයි වාර්තා වන්නේ.

ඔපල් වට්ටම් සහ අනෙකුත් සාධක මත බොහෝ මගීන්ට සාමාන්‍යයෙන් සතියකට ඩොලර් 1 ට වඩා අඩු ගාස්තු වැඩිවීමක් සිදු වනු ඇති.

සතිපතා ගාස්තු සීමාව වැඩිහිටියන් සඳහා ඩොලර් 50ක් ලෙසට සහ ළමයින්, තරුණයින් ඇතුළු කණ්ඩායම් මෙන්ම සහන කාඩ්පත් හිමියන් සඳහා ඩොලර් 25ක් ලෙස පවතිනු ඇති.

ඒ අනුව ලබන ජුලි මස පළමු වනදා සිට අයවැය යෝජනා ප්‍රකාරව ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සිදුකරන බවයි නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »