ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයකට මදුරුවෙක් නිසා ජීවිත අවදානමක්

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාමත් සමග බටහිර ඔස්ට්‍රේලියාවේ ජනතාව සඳහා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියාවේ Murray Valley Encephalitis (MVE) රෝගයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශවලට පැමිණෙන ඕනෑම අයෙකුට සැලකිලිමත් විය යුතු බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ.

ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ ජීවත් වන හෝ සංචාරය කිරීමට සැලසුම් කරන ඕනෑම අයෙකුට මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වන ලෙසත්, මදුරුවන්ගෙන් බෝවන රෝග පිළිබඳව දැනුවත් වන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව Pilbara, Kimberley, Gascoyne සහ Midwest ප්‍රදේශවල පදිංචිකරුවන් සහ සංචාරකයන් සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇතැයි සඳහන්.

පිල්බරා ප්‍රදේශයේ රෝගය වැළඳීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමත් සමඟ මෙම වසරේ මියගොස් ඇති සංඛ්‍යාව 4ක් බවයි වාර්තා වන්නේ.

Murray Valley Encephalitis වෛරසය ආසාදනය වූ බොහෝ පුද්ගලයින්ට රෝග ලක්ෂණ නොමැති අතර තිබුණ ද ඒවා සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් වීම හේතුවෙන් පවතින අවදානම වැඩි බව සඳහන්.

මදුරු දෂ්ටනයට ලක්වූ ඇතැම් අයට උණ, නිදිබර ගතිය, හිසරදය, වමනය සහ කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ පැවතිය හැකියි.

රෝග වාහක මදුරුවෙකු දෂ්ට කිරීමකට ලක්වන සෑම 800 දෙනෙකුගෙන් එක් අයෙකුටම දරුණු ආසාදනයක් වර්ධනය විය හැකි අතර මොළයේ අසාදන මගින් මරණයට හේතු විය හැකියි.

මෙම බරපතල වෛරසය සඳහා මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැති අතර හොඳම ආරක්‍ෂිත පියවර වන්නේ හැකි සෑම විටම මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමයි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන කළමණාකාර විද්‍යාඥ ආචාර්ය ජේ නිකොල්සන් පෙන්වා දෙන්නේ මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම මෙම මාරාන්තික රෝගය මෙන්ම මදුරුවන්ගෙන් බෝවන අනෙක් වෛරස් වලට එරෙහිව ඇති හොඳම පියවර
බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »