වික්ටෝරියා ප්‍රාන්තයේ අලෙවි කළ ජනප්‍රිය Snack වර්ගයක් යළි කැඳවයි

ප්‍රකාශ නොකළ අසාත්මිකතාවයක් හේතුවෙන් ජනප්‍රිය Snack වර්ගයක් වික්ටෝරියා ප්‍රාන්තය තුළ පමණක් නැවත කැඳවා තිබෙනවා.

මෙලෙස කැඳවා ඇත්තේ Clover Chips Barbecue නිෂ්පාදනය වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළඳසැල් සිය ගණනකට එම ආපසු කැඳවීම් නිවේදන යොමු කර ඇති බව සඳහන්

මෙහි ග්ලූටන් අඩංගු වීම හේතුවෙන් අසාත්මිකතාවක් ඇති විය හැකි බවට පවතින අවදානමක් හේතුවෙන් මෙලෙස නැවත කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ආසියානු සිල්ලර වෙළඳසැල්වල මෙම නිෂ්පාදනයේ ග්‍රෑම් 145 පැකට්ටු වැඩි වශයෙන් අලෙවි වන අතර කල් ඉකුත් වීමේ දිනය 2025 සැප්තැම්බර් 4ට පෙර දිනයන් යොදා ඇති නිෂ්පාදන පරිභෝජනය සුදුසු බව සඳහන්.

එහෙත් කල් ඉකුත්වීම 2025 සැප්තැම්බර් 4 දිනට පසු දිනයක් ඇති නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් වළකින ලෙසට පාරිභෝගිකයින්ට දැනුම් දී ඇති අතර ග්ලූටන් ආසාත්මිකතා ඇති ඕනෑම අයෙකුට ඒවා ආහාරයට ගැනීමෙන් අසාත්මිකතා ඇති විය හැකි බව දැනුම් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල ආහාර ප්‍රමිති නිර්නායක වල ග්ලූටන් අඩංගු ආහාරවල ඒ පිළිබද සදහන් කිරීම අනිවාර්ය වනවා.

දැනටමත් මෙම නිශ්පාදන මිලදීගත් පාරිභෝගිකයින් භාණ්ඩය මිලදී ගත් ස්ථානයට ආපසු එම නිශ්පාදන ලබා දි මුදල් ලබා ගන්නා ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »