ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

තවදුරටත් මෙරට රැඳී සිටීමට අදහස් කරන්නේ නම් මීළඟ වීසා අයදුම්පත් ලබන 30 වනදා පස්වරු 2ට පෙර ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

මේ අතර ලබන 30 වන ඉරිදා දින සිට ජුලි මස පළමු වන සඳුදා දක්වා දෙපර්තමේන්තුවේ දත්ත පද්ධතිවල නඩත්තුවක් සිදු වන බව ජනතාවට දැනුම් දී තිබෙනවා.

එම වෙනස්කම් සිදු කෙරෙන අතරවාරයේ දී ImmiAccount, eLodgement (මාර්ගගත වීසා සහ පුරවැසි අයදුම්පත්), My Health Declarations (MHD) සේවාව, eMedical, වීසා හිමිකම් තහවුරු කිරීම, LEGENDcom වැනි සේවා වෙත පිවිසීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඊට අමතරව රැකියා යෝග්‍යතා නිෂ්කාශන (Employment Suitability Clearances), රැඳවුම් ආගන්තුක අයදුම්පත (Detention Visitor Application), APEC ව්‍යාපාරික සංචාරක කාඩ්පත (ABTC), මානුෂීය ඇතුල්වීම් කළමනාකරණ පද්ධතිය (HEMS)
වැඩිහිටි සංක්‍රමණික ඉංග්‍රීසි වැඩසටහන් වාර්තාකරණ සහ කළමනාකරණ පද්ධතිය (ARMS), අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ වාර්තාව (eBIT) වැනි සේවා වෙත ද පිවිසීමට හැකියාවක් නොලැබෙන බවයි දැනුම් දෙන්නේ.

මෙම කාලය තුළ වෙබ් අඩවියෙන් සේවා ලබා ගැනීමට උත්සාහ කිරීමේදී තාවකාලිකව අවහිර කර ඇති බවට පණිවිඩයක් ලැබෙනු ඇති අතර අදාළ ඇනහිටීම් කාලයෙන් පසුව නැවත උත්සාහ කරන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

 

 

 

 

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »