ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථන සහ ඉන්දියාව හමුවේ ලද පරාජයත් සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවීමත් සමගයි.

අවුරුදු 15ක ක්‍රීඩා දිවියකට උරුමකම් කියන ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ශතක 49ක් ද සිය නම ඉදිරියේ සටහන් කරගෙන තිබෙනවා.

මෙම වසර ආරම්භයේදී වෝනර් ජාත්‍යන්තර එක්දින සහ ටෙස්ට් තරග පිටියෙන් සමු ගත් අතර මෙවර ලෝක කුසලානය ඔහුගේ අවසන් විස්සයි විස්ස තරගාවලිය බවට පත් වුණා.

අද බංග්ලාදේශ කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ ලද පරාජය හේතුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ද අහිමිවී ගියා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »