Search

ඔස්ට්‍රේලියාව හැර යන්න ජාත්‍යන්තර සිසුන් අකමැති වෙයි

ඔස්ට්‍රේලියාව තුළ උපාධිය සම්පූර්ණ කළ සෑම ජාත්‍යන්තර සිසුන් තිදෙනෙකුගෙන් එක් අයෙක් ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටින කාලය දිගුකරගනීමේ අරමුණින් මිල අඩු පාඨමාලා සඳහා ලියාපදිංචි වන බව නවතම අධ්‍යනයක දී තහවුරු වී තිබෙනවා.

Grattan institute විසින් ඉදිරිපත් කළ නවතම වාර්තා අනුවයි මෙම තොරතුරු තහවුරු වී ඇත්තේ.

පසුගියදා ෆෙඩරල් රජය විසින් student visa සම්බන්ධයෙන් පැනවූ සීමා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ නීල් (Clare O’Neil) සඳහන් කළේ නව සීමා මගින් ඔස්ට්‍රේලියා සංක්‍රමණික නීති පද්ධතියේ පැවති අඩුපාඩූ සම්පූර්ණ කළ බවයි.

ඔස්ට්‍රේලියාව තුළ ශිෂ්‍ය වීසාවලට අයදුම් කරමින් වීසා කාලය දීර්ඝ කර ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටීමට සංක්‍රමණිකයින් හුරුවී ඇති බව ද අමාත්‍යවරිය පෙන්වා දෙනවා.

නව නීතිවලට අනුව Subclas 600, 601 සහ 602 යන වීසා කාණ්ඩ, Subclass 485, නාවුක සේවකයින් සඳහා ලැබෙන වීසා මෙන්ම රාජතාන්ත්‍රික කටයුතු සඳහා පැමිණෙන සේවකයින් ඇතුළු වීසා කාණ්ඩ කිහිපයක් සඳහා ඔස්ට්‍රේලියාව තුල යළිත් ශිෂ්‍ය වීසා අයදුම් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

තවදුරටත් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍යනම් තම මවුරටට ගොස් නැවත වීසා අයදුම් කිරීම සිදු කළ යුතු බවයි ‍ඔස්ට්‍රේලියා රජය අවධාරණය කර ඇත්තේ.

මෙම සියලු සීමා ලබන ජූලි මස පළමු වනදා සිට බලාත්මක වනු ඇති.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »