Julian Assange නිදහස් වීම ගැන ඔස්ට්‍රේලියා අගමැතිගෙන් ප්‍රකාශයක්

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ අභියාචනා ගිවිසුමකට එකඟ වීමෙන් පසුව අපරාධ චෝදනාවලට වරද පිළිගෙන ඔහුට නිදහස හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.

විකිලීස් වෙබ් අඩවිය තුළින් අමෙරිකානු රාජ්‍ය රහස් ලිපි ලේඛන හෙළිදරව් කිරීමේ චෝදනා මත අමෙරිකානු අධිකරණය ජුලියන් ආසන්ජ්ට එරෙහිව චෝදනා 18ක් ගොනුකර තිබුණා.

ඒ අනුව ඔහු 2019 වසරේ අප්‍රේල් 11 වැනි දින අත්අඩංගුවට ගෙන ලන්ඩනයේ අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බෙල්මාර්ෂ් බන්ධනාගාරය වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ.

ඔහු පසුගිය වසර පහ ගත කළේ එම බන්ධනාගාරයේ වන අතර එහිදී ඔහු ඇමරිකා එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට එරෙහිව දැඩි නීතිමය සටනක නිරත වුණා.

නිදහස හිමි වීමත් සමග අසාන්ජ් එක්සත් ජනපද අත්අඩංගුවට පත් නොවන අතර එක්සත් රාජධානියේ සිරගතව සිටින කාලය සඳහා සහනයක් ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ.

හෙට උතුරු මරියානා දූපත් අධිකරණයකදී අභියාචනා ගනුදෙනුව අවසන් කිරීමට අපේක්ෂිතයි.

අගමැති Anthony Albanese පවසා ඇත්තේ අසාන්ජ් අධිකරණයට ඉදිරිපත් වීමට පෙර රාජ්‍ය තාන්ත්‍රික සහය ලබා ගැනීමට කටයුතු කරන බවයි.

ඔහු නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් වූ නීතිමය කටයුතු සිදු වෙමින් පවතින බවයි අගමැතිවරයා සඳහන් කර ඇත්තේ.

මෙම වසර ආරම්භයේදී ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අගමැති ඇන්තනි ඇල්බනීස්ගේ ද සහාය ඇතිව ජුලියන් අසාන්ජ් ඔස්ට්‍රේලියාවට නැවත කැඳවිය යුතු බවට වූ යෝජනාවක් ද සම්මත කරනු ලැබුවා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »