ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අදාළ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය හිමිවුවහොත් ඔසුසැල්වලින් පිටත E දුම්වැටි විකිණීම තහනම් කළ පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත්වනු ඇති.

කෙසේ වෙතත් එළඹෙන ජූලි මස පළමු වනදා සිට නිකොටින් අඩංගු ඉලෙක්ට්‍රොනික දුම්වැටි නීත්‍යානුකූලව ෆාමසි මගින් අලෙවි කළ හැක්කේ වෛද්‍ය නිර්දේශ සහිත බෙහෙත් වට්ටෝරුවක් ඇති පුද්ගලයින්ට පමණියි.

එය සාමාන්‍ය දුම්පානය නතර කිරීමට උත්සාහ කරන පුද්ගලයින් සඳහා අධාරකයක් වන අතර එය ෆෙඩරල් රජය විසින් ගෙන ආ සීමා කිරිම්වල එක් අංගයක් ලෙස සඳහන්.

පොදුරාජ්‍ය මණ්ඩලීය නව පනත් කෙටුම්පත් සංශෝධනයන් සමග ඊ දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීති ඔක්තෝබර් පළමුවනදා සිට ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියාවට සිදුවනු ඇති.

විශේෂයෙන් ජූලි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන වෛද්‍ය නිර්දේශ මත පමණක් ෆාමසි මගින් ඊ දුම්වැටි මිලදී ගැනීමට ඇති හැකියාව අහෝසි වී වෛද්‍ය නිර්දේශ රහිතව අවුරුදු 18ට ඉහළ ඕනෑම අයෙකුට මෙම දුම්වැටි මිලදී ගැනීමේ හැකියාව හිමි වන බව සඳහන්.

ඒ අනුව ෆාමසිවලින් පමණක් ඊ දුම්වැටි මිලදී ගැනීමේ ක්‍රියාවලිය දුම්වැටි පැකට්ටුවක් මිලදී ගැනීම වැනි සාමාන්‍ය ක්‍රියාවක් වන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මෙම පියවර සම්බන්ධයෙන් ඖෂධවේදින් අතර කනස්සල්ලක් මතුවී ඇති අතර රජයේ මෙම තීරණය ව්‍යසනකාරී විය හැකි බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »