මෙල්බන්හි තවත් ජනප්‍රිය බියර් නිෂ්පාදන ආයතනයක් තීරණයක් ගනී

මෙල්බන්හි ජනප්‍රිය බියර් කර්මාන්ත ශාලාවක් හදිසියේ වසා දැමීමට තීරණය කර ඇති බව සමාගම් බලධාරීන් නිවේදනය කර තිබෙනවා.

Alchemy Brewing නම් මෙම බියර් කර්මාන්ත ශාලාවේ හිමිකරු නිවේදනය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ස්වාධීන බියර් නිෂ්පාදකයින්ට බලපාන ආර්ථික ගැටලු හමුවේ මේ මස අවසානයේදී ව්‍යාපාරය වසා දමන බවයි.

තම සමාගම ලැබූ ජනප්‍රියත්වය මෙන්ම ප්‍රගතිය සම්බන්ධයෙන් සතුටට පත්වන අතර ගතවූ කාලය ඉතා දුෂ්කර වූ බැවින් එය නතර කිරීමට කාලය එළඹ ඇති බවයි ඔවුන් ෆේස්බුක් සටහනක් මගින් ප්‍රකාශ කර ඇත්තේ.

Alchemy Brewing ලබන 29 වන සෙනසුරාදා තම දීර්ඝ කාලීන විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සඳහා සමුගැනීමේ සාදයක් ද සැලසුම් කර තිබෙනවා.

ඇල්කෙමි ආයතනය 2019 දෙසැම්බර් මාසයේදී Brunswick ප්‍රදේශයේ විවෘත වූ අතර මාස කිහිපයකට පසු COVID-19 වසංගතයට ගොදුරු වූ බැවින් 2020 මාර්තු මාසයේදී නිරෝධායන කටයුතු හේතුවෙන් මෙල්බන්හි වසා දැමුණු පළමු ආයතනය බවට ද පත්වුණා.

මෙම බියර් නිෂ්පාදන ආයතනය වසා දැමීමත් සමග එය ඔස්ට්‍රේලියාව තුළ මෙම වසරේ ව්‍යාපාරයෙන් ඉවත්ව යන නවතම නිෂ්පාදන සමාගම බවට පත් වනු ඇති.

පසුගිය මාර්තු මාසයේදී බටහිර ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය Golden West බියර් නිෂ්පාදන ආයතනය ස්වාධීන පරිපාලනයකට යටත් වුණා.

ඒ දකුණු ඔස්ට්‍රේලියාවේ Big Shed සහ Melbourne’s Hawkers ආයතන සම්බන්ධයෙන් ද රජය එවැනි තීරණයක් ගෙන සති කිහිපයකට පසුවයි.

ජනවාරි මාසයේදී සිඩ්නි වේවර්ඩ් Wayward ද මෙලෙස වසා දැමීමට පාලනාධිකාරිය කටයුතු කළා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »