Solar Hot Water තියෙන වික්ටෝරියා ජනතාවට ලබෙන්න යන සහනය

solar hot water පද්ධතියක් නිවසේ සවි කර ඇති අය වෙනුවෙන් ඩොලර් 1000ක් දක්වා වූ වට්ටමක් ලබාදීමේ වැඩසටහනක් රජය විසින් ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව මෙම වට්ටම අවශ්‍ය නිර්ණායක සම්පුර්ණ කරනු ලැබූ සුදුසුකම් ලත් heat pump සහ hot water systems ඇති නිවාස ඒකක වෙනුවෙන් ලබා ගත හැකි බවයි සඳහන් වන්නේ.

උණු වතුර පද්ධතිය සාමාන්‍යයෙන් නිවසක බලශක්තිය වැඩි වශයෙන් වැය වන ඒකකයන්ගෙන් එකක් වන අතර නිවසක සමස්ත බලශක්ති පරිභෝජනයෙන් සියයට 21 ක් පමණ වනවා.

රජයේ වාර්තා පෙන්වා දෙන්නේ මෙම පිරිවැය අවම කර ගැනීමට හෝ පාලනය කිරීමට හැකි ක්‍රමයක් වන්නේ heat pump හෝ hot water systems වැනි කාර්යක්ෂම පද්ධතියක් ස්ථාපනය කිරීම බවයි.

Solar hot water සහ heat pump hot water පද්ධති නිවසේදී ජලය උණු කිරීමට අඩු ශක්තියක් භාවිතා කරන අතර, පුනර්ජනනීය බලශක්තියෙන් ක්‍රියාත්මක කළ හැකියි.

එමෙන්ම එමගින් හරිතාගාර වායු විමෝචනය සහ බලශක්ති බිල්පත් අඩු කිරීමට උපකාරී වන අතර සාමාන්‍යයෙන් Solar hot water පද්ධති ස්ථාපනය කරන නිවාස ඒකකයන්ට ඔවුන්ගේ විදුලි බිලෙන් වසරකට ඩොලර් 140ත් 400ත් අතර මුදලක් ඉතිරි කර ගත හැකි බව සඳහන්.

ඒ අනුව Solar Homes වැඩසටහන මගින් සුදුසුකම් ලත් වික්ටෝරියානු නිවාසවලට තවත් මුදල් ඉතිරි කිරීමට හැකි වන බවයි පෙන්වා දෙන්නේ.

මෙමගින් අලුතින් එක්වන සහ දැනටමත් Solar hot water පද්ධතියක් නිවසේ ඇති පාරිභෝගිකයින්ට solar panel PV rebate and loan සඳහා මෙන්ම interest-free solar battery loan සඳහා ඉල්ලුම් කළ හැකියි.

පහත නිර්ණායක සපුරාලන්නේ නම් solar PV rebate and loan, hot water rebate සහ battery loan ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.

මේ සඳහා අයදුම් කිරීමට නම් අදාළ දේපලෙහි ජීවත් විය යුතු අතර පද්ධතිය ස්ථාපිත කිරීමට නියමිත දේපලක හිමිකරු ද විය යුතු වනවා.

නිවසෙහි සියලුම පදිංචිකරුවන්ගේ ඒකාබද්ධ ආදායම වසරකට ඩොලර් 210,000 ට වඩා අඩු විය යුතු අතර අදාළ දේපල වටිනාකම ඩොලර් මිලියන 3කට වඩා අඩු විය යුතුයි.

Solar Homes වැඩසටහන යටතේ අදාළ ලිපිනයේ නිවසට මීට පෙර hot water වට්ටමක් හෝ solar battery වට්ටමක් ලැබී නොමැති බවට ද සහතික කළ යුතුයි.

මේ වන විට පවතින උණු වතුර පද්ධතිය මිලදී ගත් දින සිට අවම වශයෙන් වසර තුනක් පැරණි විය යුතු අතර එකම Solar Homes වට්ටමක් එක් වරකට වඩා ලබා ගැනීමට නිවෙස් හිමියන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මෙම සහනය සඳහා ඉල්ලුම් කිරීම මෙන්ම වැඩිදුර තොරතුරු පහත වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

https://www.solar.vic.gov.au/home-heating-cooling-upgrades

https://www.solar.vic.gov.au/hot-water-rebate

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »