Qantas සමාගමෙන් සීමිත කාලයකට විශේෂ සහනයක්

Qantas සමාගම දින හයක සීමිත කාලයක් සඳහා ඔස්ට්‍රේලියාව තුළ ගමනාන්ත 60කට දැවැන්ත මිල අඩු කිරීමක් සිදු කර තිබෙනවා.

සීමිත කාලයක් සඳහා පමණක් හිමි වන මෙම වට්ටම ඩොලර් 109ක වැනි මුදලක සිට ආරම්භ වන බව සඳහන්.

ඒ අනුව ගෝල්ඩ් කෝස්ට් සිට සිඩ්නි දක්වා ඩොලර් 109 සිට සහ බ්‍රිස්බේන් සිට විට්සන්ඩේ වෙරළ දක්වා ඩොලර් 129ක මුදලක සිට මගීන්ට සංචාරයට අවස්ථාව හිමි වනු ඇති.

මෙල්බර්න් සිට Wagga වෙත ඩොලර් 179ක ගාස්තුවකටත් Cairns සිට Sydney දක්වා ඩොලර් 199ක් වැනි මුදලකටත් ආසන වෙන් කරවා ගැනීමට හැකියි.

ඊට අමතරව පර්ත් සිට සිඩ්නි දක්වා ඩොලර් 339 සිට ආසන වෙන් කරවා ගැනීමට හැකි අතර ව්‍යාපාරික පන්තියේ ගාස්තු ද මේ අනුව වෙනස්වන බවයි සඳහන් වන්නේ.

ගමන් මලු, ආහාර සහ පාන වර්ග, නොමිලේ Wi-Fi සහ කැමති ආසනයක් තෝරා ගැනීම වැනි පහසුකම් ද මගීන්ට හිමි වනවා.

Qantas සමාගමේ මෙම සහනයට අනුව ආසන වෙන් කරවා ගැනීම අවසන් වන්නේ ජූනි 30 වනදායි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »