2024 ලොව හොඳම ගුවන් සේවා අතරින් ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවාවලට ලැබුණු තැන

ලන්ඩනයේ පැවති ලෝක ගුවන් සේවා සම්මාන උළෙලේදී (World Airline Awards) 2024 වසරේ ලොව හොඳම ගුවන් සේවය ලෙසට Qatar Airways සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

Singapore Airlines සමාගම දෙවන ස්ථානයට පැමිණ ඇති අතර තුන්වන ස්ථානයට පැමිණ ඇත්තේ Emirates සමාගමයි.

ගුවන් සමාගමේ පාරිභෝගික සේවය සහ ගෙවන මුදලට අනුව මගීන්ට ලැබෙන සේවය ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් පාරිභෝගික මත විමසීමකින් සිදු කෙරෙන ශ්‍රේණිගත කිරීමක් අනුවයි මෙම සම්මාන පිරිනමනු ලබන්නේ.

Skytrax විසින් 1999 වසරේ සිට වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබනවා.

මෙවර ශ්‍රේණිගත කිරීම අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සේවා තුළ එතරම් සාර්ථකත්වයක් නොවූ අතර, පසුගිය වසරේ 17 වන ස්ථානයේ සිටි Qantas සමාගම 24 දක්වාත්, Virgin Australia 46 සිට 54 දක්වාත්, Jetstar 69 වන ස්ථානයේ සිට 74 වන ස්ථානය දක්වාද පහත වැටී තිබෙනවා.

Rex සමාගම ශ්‍රේණිගත කිරීම තුළ ස්ථාන 6ක් ඉදිරියට පැමිණ 50 වැනි ස්ථානයට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්.

ගුවන් සේවා සම්මාන උළෙලේ වසර 25ක ඉතිහාසයේ අටවැනි වරටත් පළමු ස්ථානයට කටාර් එයාර්වේස් පැමිණීම සුවිශේෂී කරුණක්.

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අල් මීර් ප්‍රකාශ කළේ මෙම සම්මානය අසමසම සේවාවක් සහ නවීනත්වය සඳහා සිය සමාගමේ නොපසුබට කැපවීම පිළිබඳ සාක්ෂියක් බවයි.

ලොව හොඳම ව්‍යාපාරික පන්තිය, ලොව හොඳම ව්‍යාපාරික පන්තියේ විවේකාගාරය සහ මැදපෙරදිග හොඳම ගුවන් සේවය සඳහා වන සම්මාන ද මෙම ගුවන් සේවයට හිමි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »