එළඹෙන දීර්ඝ සති අන්තයේ මෙල්බන් නගරයේ නොමිලේ වාහන නැවතුම් පහසුකම්!

එළඹෙන දිගු සති අන්තයේ පැවැත්වීමට නියමිත 2021 මූම්බා උත්සවය සැමරීම සඳහා, මෙල්බර්න් නගරයේ රථ ගාල් කිරීම නොමිලේ වන අතර මේ අනුව​, මෙල්බන් වැසියන්ට​ මූම්බා උත්සවය භුක්ති විඳීමට පහසු වේ.

COVID-19 වසංගතයෙන් පීඩාවට පත් දේශීය ව්‍යාපාර සඳහා ආධාර කිරීම සඳහා මෙල්බර්න් නගරයේ සියලු නැවතුම් සඳහා වන ගාස්තු අය කිරීම් ඉවත් කර ඇති අතර වැඩි පිරිසක් නගරය කරා සංචාරය කිරීමට උනන්දු කිරීමට  මෙය ක්‍රියාත්මක කර ඇත​.

කොළ සංඥා සහිත ප්‍රදේශවල වාහන නැවැත්වීම මාර්තු 5 සිකුරාදා රාත්‍රී 12 සිට මාර්තු 8 සඳුදා රාත්‍රී 11.59 දක්වා නොමිලේ වේ. එවැනි ස්ථානයන්හි සඳහන්​ කාල සීමාවට රියදුරන් තවමත් අවනත විය යුතු නමුත් මුදල් ගෙවීමට සිදු නොවේ.

ආබාධිත වාහන නැවැත්වීමේ සීමාවන්, no standing zones , clearways සහ නේවාසික අවසර සීමාවන්ට අදාල නීති එලෙසම පවතිනු ඇත​.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »